එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ “සාම සාධක මෙහෙයුම් හා මානව හිමිකම්” පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත විවාදය 2020 ජූලි 7 වැනි දින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ලිඛිත ප්‍රකාශය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ “සාම සාධක මෙහෙයුම් හා මානව හිමිකම්” පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත විවාදය 2020 ජූලි 7 වැනි දින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ලිඛිත ප්‍රකාශය

සභාපතිතුමනි,

රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, ස්වාභාවික විපත්, සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මගින් එල්ලවන සිවිල් ගැටුම්, අන්තර් රාජ්‍ය ඝට්ටන, අසමමිතික තර්ජන සහ වෙනත් විවිධාකාර වූ  අභියෝගයන්ගෙන් මානව වර්ගයාට තර්ජනයක් පවතින යුගයක, “සාම මෙහෙයුම් සහ මානව හිමිකම්” යන කාලෝචිත විෂය පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට ජර්මනිය දරන ප්‍රයත්න ශ්‍රී ලංකාව අගය කරයි. ජූලි මාසය සඳහා ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දරන රටවන ජර්මනියට සියලු සාර්ථකත්වයන් ප්‍රාර්ථනා කරන අතර එය ඵලදායී  ධුර කාලයක් වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

එක්සත් ජාතීන්ගේ සාම සාධක වැඩපිළිවෙල යටතේ ආරක්ෂාව සහ සාමය ගොඩනැංවීමේ සහාය ලබා දීමෙන් ගැටුම්වල සිට සාමය දක්වා දුෂ්කර මාවතේ සැරිසැරීමට දශක ගණනාවක් පුරා රටවල්වලට උපකාර  කළ දහස් ගණන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට සම්බන්ධ පුරුෂයින්ට හා කාන්තාවන්ට ගෞරව කිරීමට ශ්‍රී ලංකාව මෙම අවස්ථාව යොදා ගනී. සූවස් අර්බුධ සමයේද එක්සත් ජාතීන්ගේ දූත මෙහෙය සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් ලෙස යොදවන ලද UNEF 1 නම්වූ ප්‍රථම “සම්භාව්‍ය” සාමසාධක මෙහෙයුම ස්ථාපනය කිරීමට තුඩුදුන් 1956 උපදේශක කම්ටුවේ සාමාජික රටක් වශයෙන් සේවය කොට පසුව 1960 දී කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වලට ද සම්බන්ධවෙමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සමඟ දිගුකාලීන සම්බන්ධතාවයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වෙයි.
විවිධ අවස්ථාවන්හිදී එක්රැස් වූ අත්දැකීම් සම්භාරයකින් හා විශේෂඥ දැනුමෙන් පිරිපුන් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් (UNPO) ගැටුම් අවස්ථාවන්හිදී මානව ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය, විශ්වසනීය, විශ්වාසය තැබිය හැකි හා නිපුණ ගෝලීය මෙවලමක් බවට පත්ව ඇත. වර්තමාන සාම මෙහෙයුම්වල වැදගත්කම වන්නේ,  ප්‍රචණ්ඩත්වයේ විශාලත්වය සහ ප්‍රචණ්ඩත්ව පෙන්නුම් කරන වාර ගණන සැලකිල්ලට ගැනීමේදී , එක්සත් ජාතීන්ගේ සහාය නොමැති විට සමහර ගැටුම් කලාපවල මිනිස් ජීවිතවල ඉරණම මිනිස් ජීවිතවල ඉරණම දෘශ්‍යමාන කිරීම දුෂ්කර වනු ඇත.

මානව හිමිකම්, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්වල (UNPO) වැදගත් අංගයක් ලෙස පවතී. MONUSCO, MINUSCA, MINUSMA, UNAMID, UNMISS වැනි සාම සාධක මෙහෙයුම් කිහිපයක් සහ UNAMI, UNSMIL, UNSOM, UNAMA සහ BINUH වැනි විශේෂ දේශපාලන මෙහෙයුම් මානව හිමිකම් සංරචක සමෝධානිකරණය කර ඇත. මෙහෙයුම් විශාල සංඛ්‍යාවක් සඳහා මෙය වැදගත් වන අතර මෙමගින්,මෙහෙයුමේ විශ්වසනීයත්වය ශක්තිමත් කරයි.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පූර්ණ වශයෙන් කැපවී සිටින අතර, මෙම සන්දර්භය තුළ සියලුම ශ්‍රී ලාංකික සාම සාධක භටයින් සුදුසු පුහුණුවක් ලබා ඇති බවත්, න්‍යායාත්මක දැනුමෙන් හා මානව හිමිකම් ප්‍රවර්ධනය සහ සුරක්ෂාකිරීම ඇතුළුව සාමසාධනය සඳහා අවශ්‍යවන කටයුතු ප්‍රායෝගිකව අදාළ කරගැනීමෙන් පූර්ණ ලෙස සන්නද්ධව සිටින බවත්, තහවුරු කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබේ. මේ සඳහා, සාමසාධක කටයුතුවල නිරත වීමට ලබාදෙන පුහුණු පාඨමාලාවලට අදාළ විෂයයන් පිළිබඳ පුළුල් අධ්‍යාපන හා පුහුණු පැකේජයක් ඇතුළත් කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ බලධාරීන් සමඟ සාකච්ඡා කර පවත්වනු ලබන මෙහෙයුම් පුහුණු පැවැත්වීම මගින්  මෙහෙයුම්වල යෙදවීමේදී අඛණ්ඩතාව පවත්වාගෙන යනු ලැබේ. මීට අමතරව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට සහ පොලීසියට ලබාදෙන පුහුණුවල එක් කොටසක් ලෙස මානව හිමිකම් ඇතුළත් කර ඇත. බොහෝ හමුදා ශිෂ්‍ය භටයින් උපාධි පාඨමාලා හදාරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි හමුදා නිලධාරීන් සඳහා පිහිටුවා ඇති ප්‍රමුඛතම උපාධි ප්‍රදානය කරන තෘතීයික ආයතනයක දී අධ්‍යයන වැඩසටහනේ වැදගත් අංගයක් ලෙස මානව හිමිකම් උගන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව සහ අන්තර්ජාතික රතුකුරුස සංවිධානය විසින් හමුදාව හා පොලීසිය සඳහා මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ පුහුණු වැඩසටහන් ගණනාවක් ද පවත්වනු ලැබේ.

සභාපතිතුමනි,

ගැටුම් වලට හේතුවන සෘජු හා වක්‍ර පාර්ශ්වවල ක්‍රියාකාරකම් හේතුවෙන්,  සිවිල් වැසියන්ට වැඩි බලපෑමක් ඇති කරමින් පැනනගින විවිධ සමාජ-දේශපාලන අභියෝගයන් සමඟ සාම මෙහෙයුම් ක්‍රමයෙන් සංකීර්ණ වෙමින් පවතින බව නිරීක්ෂණය කෙරේ. සිවිල් වැසියන් ආරක්ෂා කිරීම පිළිබඳ කිගාලි මූලධර්ම ශ්‍රී ලංකාව විසින් අනුමත කර ඇත.

ගැටුම්වලින් පීඩාවට පත් බොහෝ  ප්‍රජාවන්හි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කාන්තාවන්ට හා ළමයින්ට සමානුපාතික නොවන ලෙස බලපායි. ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටසක් ලෙස ප්‍රචණ්ඩත්වය සහ අනාරක්ෂිත භාවය ඉහළ යන අවස්ථාවලදී, සමාජයේ පවත්නා වෙනස් කොට සැළ කිරීම්වලට අමතරව, පවුල තුළින්ම එවැනි උල්ලංඝනයන් ඔවුන් අත්විඳිය හැකිය. එනිසා, මානව හිමිකම් දෙස බැලීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටලු කෙරෙහි සංවේදී වීම අත්‍යවශ්‍ය වේ.

මෙහෙයුම් ගණනාවකම, ගැටුම් ආශ්‍රිත ලිංගික හිංසනය (CRSV) අධීක්ෂණය, විශ්ලේෂණය සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කාන්තා ආරක්ෂණ උපදේශකයින් වගකිව යුතුය. සාම සාධක මෙහෙයුම් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම සහතික කරන අතරම, මෙම ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස අර්ථවත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගැනීම සඳහා, කාන්තාවන්ගේ අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සැලකිය යුතු බව අවධාරණය කෙරේ.

විශේෂයෙන් ගැටුම්වලින් පීඩාවට පත් වූ ප්‍රදේශවල දී, කොවිඩ්-19 වසංගතය මානව හිමිකම් තත්ත්වය කෙරෙහි සැලකිය යුතු අන්දමින් බලපා ඇත. සංචාරයෙහි යෙදීම ආශ්‍රිත සීමාවන් සහ මානව අන්තර්ක්‍රියා සඳහා පනවා ඇති සීමාවන් මඟින්, මානුෂීය ආධාර ලබා දීමේ දුෂ්කරතාවල සිට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට ආරක්ෂාව සැපයීම දක්වා වූ පරාසය පුරාම ඍණාත්මක බලපෑම් ඇති කර තිබේ. මානුෂීය ආධාර පිණිස එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අරමුදල්වලින්, වසංගත අවම කිරීමේ ප්‍රයත්නය සඳහා සම්පත් හරවා යැවීම තුළින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා වූ සාම සාධක මෙහෙයුම්වල හැකියාවන් දුර්වල කරනු ඇත.

අයුතු ලෙස දේශපාලනීකරණය වූ විට, මානව හිමිකම් පිළිපැදීම හා ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කරන ආයතනවල විශ්වසනීයත්වය සැලකිය යුතු ලෙස අඩපණ කළ හැකි බව සඳහන් කිරීම උචිත වේ. අයුතු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ඔප්පු නොකළ චෝදනා රජයන් විසින් සාමය පවත්වා ගැනීම සඳහා වන දායකත්වය කෙරෙහි අනවශ්‍ය ලෙස බලපෑම් කිරීම හා හැසිරවීම සඳහා මෙවලම් ලෙස භාවිතා කළ අවස්ථා තිබේ. සෑම මනුෂ්‍යයෙකුගේම අයිතිවාසිකම් සහතික කිරීම සඳහා කැපවී සිටින විශාලතම ගෝලීය ආයතනය ලෙස එක්සත් ජාතීන් සැමවිටම අපක්ෂපාතීව සිටිය යුතු අතර, සාමාජික රටවල් සමඟ පවතින සියලුම අන්තර්ක්‍රියාවල දී ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට පූර්ණ ලෙස ගරු කළ යුතු බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරයි.

සභාපතිතුමනි,

වර්තමාන සන්නද්ධ ගැටුම්වල නිරන්තර වෙනස්වන ගතිකතාවයන් සහ ඒවායේ වේගවත් පරිණාමය නිසා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පුනරාවර්තී කාර්යයක් ලෙස වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතී. මෙම සන්දර්භය තුළ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයක් ලෙස පැවතිය යුතු වන අතර, ඒ සඳහා සිවිල් සමාජය සහ පුළුල් ජනගහනය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ මැදිහත්වීම හා අන්තර් ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රියාත්මක වන ප්‍රදේශවල ප්‍රජාවන් සමඟ විශ්වාසය ගොඩනැගීම පිණිස ද මෙය අත්‍යවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල සාර්ථකත්වය සඳහා සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර, එය කිසියම් ජනගහනයක් විසින් සාම සාධක භටයින් සිහිපත් කරන්නේ කෙසේද යන්න හැඩගස්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව ඇගයීම සිදුකෙරෙන ආකාරය පිළිබිඹු කරයි.

මානව පලිහ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ළමා සොල්දාදුවන් භාවිත කළ ත්‍රස්ත සංවිධානයක් සමඟ මානුෂීය අරගලයක නිරත වී ඇති ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, ලෝකයේ දුෂ්කර ප්‍රදේශවල දී මානුෂීය කටයුතු ක්ෂේත්‍රයේ දුෂ්කර හා සංකීර්ණ භූමි ප්‍රදේශ හැසිරවීම සඳහා වන විශේෂඥ දැනුම බෙදාහදා ගෙන තිබේ. ගැටුම්වලින් පීඩාවට පත් වූ ප්‍රදේශවල දුෂ්කරතාවන්ට ලක්වන ප්‍රජාවන්ගේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය සහ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව දරන උත්සාහය පිළිගැනීමට ලක් කරමින් හා ප්‍රශංසා කරන අතරම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සඳහා වන මෙම උදාර අරමුණ සඳහා සිය පූර්ණ කැපවීම ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරයි.

ස්තූතියි.

Mr. President,

In an era where humanity is threatened with inter-state conflicts, intra-state frictions, asymmetrical threats posed by non-state actors, natural disasters, health related issues and a variety of other challenges, Sri Lanka appreciates Germany’s efforts to initiate discussion on the timely subject of  “Peace Operations and Human Rights”. My delegation wishes Germany every success as President of the Security Council for the month of July and is confident that it will be a productive tenure.

Sri Lanka takes this opportunity to honor the thousands of men and women who for decades helped countries navigate the difficult path from conflict to peace by providing security and peacebuilding support under the Blue Helmet. Sri Lanka is proud to have a long association with United Nations Peacekeeping Operations, having served as a member of the 1956 Advisory Committee that led to the establishment of the first “classical” peacekeeping mission – UNEF 1, deployed  during the Suez crisis and later deployed  UN Peacekeepers to the UN Mission in the Democratic Republic of Congo (MONUC) in 1960.

With consistent effort, a wealth of experience and expertise gathered across diverse scenarios, the United Nations Peace Operations (UNPO) have become a vital- credible, dependable and versatile global instrument to ensure  human security in conflict situations. The significance of the current Peace Operations are such that, considering the magnitudes of violence and their frequency of manifestation, it would be hard to visualize the destiny of human lives in some of the conflict zones in the absence of assistance by the United Nations.

Human Rights remain an important element for UNPO. Several PKOs such as MONUSCO, MINUSCA, MINUSMA, UNAMID, UNMISS have integrated human rights components, as well as Special Political Missions such as UNAMI, UNSMIL, UNSOM, UNAMA and BINUH, to identify a few. This is crucial across a wide spectrum of missions and strengthens the Missions’ credibility.

Sri Lanka remains fully committed to UN Peacekeeping and upholding human rights, and in this context has taken a number of measures to ensure that all Sri Lankan Peacekeepers are suitably trained and fully equipped with theoretical knowledge and practical application of all necessary functions of peacekeeping, including the promotion and protection of  human rights.  Towards this end, a comprehensive package of education and training on relevant subjects are included in the pre-deployment training courses and continuity is maintained during the deployment by way of in-mission training, conducted in consultation with UN authorities. In addition, human rights has been included as part of the training of security forces and police in Sri Lanka. At the premier degree awarding tertiary institution established for military personnel, the Kotalawala Defence University, where many military cadets pursue degree programmes, human rights is taught as an important component of the academic programme. The Human Rights Commission of Sri Lanka and the ICRC also conduct a number of training programmes for the Military and the Police on human rights and international humanitarian law.

Mr. President,

It is observed that Peace Operations are becoming progressively complex in nature, with diverse socio-political challenges with increased impact on civilians as a result of direct and indirect actions of parties to conflicts. Sri Lanka has endorsed the Kigali Principles on the Protection of Civilians.

Violations of human rights in most conflict affected communities, disproportionately affect  women and children. In situations of heightened violence and insecurity, as one of the most vulnerable segments of the population, they may experience such violations from within the family itself, in addition to existing discrimination in society. As such, it is vital to be sensitive to issues of gender in looking at human rights.

In a number of missions, women protection advisers are responsible for monitoring, analyzing and reporting on conflict-related sexual violence (CRSV). Whilst assuring Sri Lanka’s continuous commitment to enhance the participation of women in Peacekeeping operations, it is emphasized that focusing on education and capacity building of women should be considered a priority task to achieve meaningful gender parity as a long-term solution to this issue.

The COVID-19 pandemic has significantly impacted the human rights situation, particularly in territories affected by conflict. Travel related restrictions and limitations enforced on human interactions have generated negative effects across the spectrum, ranging from difficulties in delivering humanitarian assistance to the provision of protection for vulnerable communities. Diversion of resources from funds allocated for UN field missions for humanitarian assistance to the pandemic mitigation effort would weaken capacities of peacekeeping missions in protecting civilians.

It is pertinent to mention that credibility of institutions that promote the adherence to and protection of  human rights can be significantly undermined when they are  unduly politicized. There have been instances where unproven allegations of human rights violations were used as instruments to unduly pressurize and manipulate contributions to peacekeeping by governments for undue political gains. Sri Lanka firmly believes that, the United Nations as the largest global body that is committed to ensure the rights of every human being, should always remain impartial whilst fully respecting the principle of sovereign equality in its all interactions with member states.

Mr. President,

The ever-changing dynamics of present armed conflicts and their rapid evolution makes the protection of human rights of vulnerable communities as a recurring task which is becoming increasingly challenging. In this context, the UN peacekeeping operations should remain a collective endeavor in ensuring the protection of vulnerable communities, and it is essential that there is engagement and interaction with various stakeholders, including civil society and the wider population.  This is also vital to build trust with local communities, where UN Peacekeeping Missions operate. Protecting civilians and upholding human rights are vital for the success of a UNPKO and shapes how a population will remember the Peacekeepers and reflects the manner in which the United Nations will be evaluated.

Having engaged in a humanitarian struggle with a terrorist organization that used human shields, suicide bombers and child soldiers, Sri Lanka’s armed forces and Police have been sharing expertise in handling difficult and complex terrains of the humanitarian engagement field in difficult areas of the world. Whilst acknowledging and commending the effort by the UN Secretariat and the Department of Peace Operations on their dedicated effort in promoting the human rights of communities undergoing hardships in conflict affected territories, Sri Lanka reiterates its full commitment to this noble cause, to protect and promote human rights and the protection of civilians.

Thank you.

Please follow and like us:

Close