ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ශ්‍රී ලංකාවේ පළමු නිත්‍ය නියෝජිතවරිය ලෙස මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ශ්‍රී ලංකාවේ පළමු නිත්‍ය නියෝජිතවරිය ලෙස මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

2023 සැප්තැම්බර් 08 වන දින මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) වෙත ශ්‍රී ලංකාවේ පළමු නිත්‍ය නියෝජිතයා ලෙස ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) මහලේකම් කිටැක් ලිම් වෙත අක්තපත්‍ර ප්‍රදානය කරන ලදී.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය වෙත ශ්‍රී ලංකාව ප්‍රතීතනය කරනු ලබන්නේ මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියානු සාගර වටද්දර රටවල සංවිධානයේ  (IORA) සභාපතිත්වය භාර ගැනීමට නියමිත අවස්ථාවකදීය. ඉතා වැදගත් නාවික මාර්ගයක මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වී ඇත. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සහ කලාපීය වෙළෙඳපොළ වෙත එහි ප්‍රවේශය ආර්ථික හා වාණිජ අවශ්‍යතා සඳහා ඉමහත් අගයක් එකතු කරන අතර ඉන්දියානු සාගරයේ ආරක්ෂාකාරී බව හා සුරක්ෂිත බව සහ එහි සමුද්‍ර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටී.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය, 1948 දී පිහිටුවන ලද, එක්සත් රාජධානියේ මූලස්ථානය  පිහිටි, නැව් ගමනාගමනයේ ආරක්ෂාව සහ ආරක්ෂණය හා නැව් මගින් සිදුවන සමුද්‍ර හා වායුගෝලීය දූෂණය වැළැක්වීම සඳහා වගකීම දරන එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයකි. IMO සතුව දැනට සාමාජික රටවල් 175ක් සහ ආශ්‍රිත සාමාජිකයින් තිදෙනෙකු සිටී. ශ්‍රී ලංකාව IMO හි සාමාජිකත්වය ලබා ගනු ලැබුවේ 1972 වසරේදීය.

ශ්‍රී ලංකානු මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2023 සැප්තැම්බර් 11

Print Friendly, PDF & Email
Please follow and like us:

Close