මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය බර්මින්හැම් බෞද්ධ මහා විහාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූවාය

මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය බර්මින්හැම් බෞද්ධ මහා විහාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූවාය

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංඝ සභාවේ උප සභාපති, මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක, බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති,  ආචාර්ය පූජ්‍ය විතරන්දෙණියේ කස්සප නායක හිමිපාණන්  O.B.E. විසින් බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ පිහිටි යුරෝපයේ විශාලතම ස්ථූපය 2023 සැප්තැම්බර් 16 වන දින මහජනතාව සඳහා විවෘත කරන ලදී. ආචාර්ය පූජ්‍ය විතරන්දෙණියේ කස්සප නායක හිමිපාණන්ගේ ආරාධනයෙන් මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විවෘත කිරීමේ උත්සවයට 2023 සැප්තැම්බර් 16 වන දින සහභාගි වූවාය.

මහ කොමසාරිස් සිරිසේන මහත්මිය සිය ප්‍රකාශයන්හි දී, එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අනාගත පරපුරට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ ශ්‍රී ලාංකීය සාරධර්මවල හරය ලබා දීමට පූජ්‍ය විතරන්දෙණියේ කස්සප නාහිමියන් දරන උත්සාහය අගය කළාය. බර්මින්හැම් බෞද්ධ මහා විහාරය වන්දනා කිරීමේ සහ බෞද්ධ ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් වන අතර විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවේ දෙවන සහ තෙවන පරම්පරාවල ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ඇය පැවසුවාය. උත්සව සභාව ඇමතූ බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය විතරන්දෙණියේ කස්සප හිමිපාණන් බර්මින්හැම් බෞද්ධ මහා විහාරය සමඟ මහ කොමසාරිස්වරයාගේ සබඳතාව අගය කළ අතර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම පිළිබඳව මහ කොමසාරිස්වරියට ස්තුතිය පුද කළහ.

බර්මින්හැම් නගර සභාවේ නගරාධිපති චමන් ලාල් මහතා, ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ වෙසෙන බෞද්ධ ස්වාමීන්වහන්සේලා සහ බර්මින්හැම් හි ශ්‍රී ලංකා බෞද්ධ ප්‍රජාවේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආරම්භයේ සිට, බර්මින්හැම් මහා විහාරය යුරෝපයේ විශාලතම ථේරවාදී බෞද්ධ විහාරය ලෙස හඳුන්වනු ලබන අංගසම්පූර්ණ ජාත්‍යන්තර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය වී ඇත. බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ ස්තූපය සඳහා මුල්ගල තැබීම 2020 ජූලි 05 වන දින මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩනය

2023 සැප්තැම්බර් 20

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close