මහ කොමසාරිස් මොරගොඩ මහතා ප්‍රමුඛ පෙළේ ඉන්දීය ආයතනික නායකයන් හමුවී සමුගනී

මහ කොමසාරිස් මොරගොඩ මහතා ප්‍රමුඛ පෙළේ ඉන්දීය ආයතනික නායකයන් හමුවී සමුගනී

මේ මස අගදී සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා වෙත පසුගියදා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආයතනික නායකයින් දෙදෙනෙකු විසින් සත්කාරකත්වය ලබා දෙන ලදී.

අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි විසින් සැප්තැම්බර් 05 වන දින මහ කොමසාරිස් මොරගොඩ මහතා වෙනුවෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඔහුගේ නිවසේදී පැවත්වන ලදී. මෙම සතිය මුලදී, හින්දුජා සමූහයේ සභාපති ප්‍රකාශ් හින්දුජා විසින් මහ කොමසාරිස්වරයා වෙත සමුගැනීමේ දිවා භෝජන සංග්‍රහයක් ලබා දෙන ලදී.

අවස්ථා දෙකේදීම, මහ කොමසාරිස් මොරගොඩ මහතා මෙම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනා සමඟ තමා පැවැත්වූ සමීප සම්බන්ධතා සිහිපත් කළ අතර, ඔහු දිල්ලියෙ හි සේවය කළ කාලය තුළ ඔවුන් තමාට ලබා දුන් සහය පිළිබඳව ස්තූති කළේය.

1988 දී ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද, අදානි සමූහය ඉන්දියාවේ විශාලතම ආයතනයන්ගෙන් එකක් වන අතර එහි ව්‍යාපාරවලට වරාය කළමනාකරණය, විදුලි බල උත්පාදනය සහ සම්ප්‍රේෂණය, පුනර්ජනනීය බලශක්තිය, පතල් කැණීම, ගුවන් තොටුපළ මෙහෙයුම්, ස්වාභාවික වායු, ආහාර සැකසීම සහ යටිතල පහසුකම් ඇතුළත් වේ.

හින්දුජා සමූහය මෝටර් රථ, තෙල් සහ විශේෂිත රසායනික ද්‍රව්‍ය, බැංකු සහ මූල්‍ය, බලශක්තිය ඇතුළු අංශ එකොළහක ව්‍යාප්තව පවතින ඉහළම ඉන්දියානු අන්තර් ජාතික සමූහ ව්‍යාපාරයකි. මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපාරයක් වන අශෝක් ලේලන්ඩ් ද මෙම සමාගම සතු වේ.

මෙම සමූහ ව්‍යාපාරය දෙකම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ලෙස ආයෝජන සිදු කර ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්

නව දිල්ලිය

2023 සැප්තැම්බර් 08

Print Friendly, PDF & Email
Please follow and like us:

Close