එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට සහභාගී වීම සඳහා විදේශ ලේකම්වරිය එක්සත් ජනපදයේ සංචාරයක

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට සහභාගී වීම සඳහා විදේශ ලේකම්වරිය එක්සත් ජනපදයේ සංචාරයක

2024 ජූලි 12 වැනි දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිත එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට සහභාගී වීම සඳහා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදයෙහි සම සභාපතිත්වය, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා විසින් දරනු ඇත.

ආර්ථික, ආරක්ෂක සහ ආරක්ෂණ සහයෝගීතාව; ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ මානව හිමිකම්; දේශගුණික විපර්යාස, විද්‍යා සහ තාක්ෂණ සහයෝගීතාව; අධ්‍යාපන සහ සංස්කෘතික සහයෝගීතාව සහ පුද්ගල සබඳතා ඇතුළු ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවල බහුවිධ අංශ කෙරෙහි මෙම හවුල්කාරීත්ව සංවාදයේදී අවධානය යොමු කෙරෙනු ඇත.

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙන්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහුද මෙම හවුල්කාරිත්ව සංවාදයට සහභාගී වෙති.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 ජූලි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close