ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා එම නෞකාවෙන් ඉවත් කර ගැනීමට යෙදු ප්‍රයත්නය සාර්ථක වෙයි

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා එම නෞකාවෙන් ඉවත් කර ගැනීමට යෙදු ප්‍රයත්නය සාර්ථක වෙයි

ශ්‍රී ලාංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ජපානයේ යොකොහාමා හි ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉන්දියානු රජය විසින් සංවිධානය කරන  විශේෂ ගුවන් යානයක් මඟින් ඊයේ රාත්‍රියේ (පෙබරවාරි 26) ඉන් ඉවත් කර නවදිල්ලි නුවර වෙත ගෙන ගොස් තිබේ. ජපානයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයට අනුව, මෙම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයකින් පසුවෙති.

මෙම සංචාරක නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 124 දෙනෙකු ඉන් ඉවත් කර ගෙන ඇති අතර ඔවුන් ඉන්දියාවේ හර්යානාහි යුධ හමුදා කඳවුරේ නිරෝධායන කාල සීමාවක් ගත කිරීමට නියමිතය.ඉන්දියාවේ නිරෝධායන ක්‍රියාවලිය නිම කිරීමෙන් අනතුරුව, මෙම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා ආපසු කොළඹට පැමිණීමට නියමිතය.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 පෙබරවාරි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close