කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

Image2

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන්  ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අපනයන සඳහා අහිමි වූ වෙළඳපල, යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට සහ නැවත අත්පත් කර ගනිමින් නව අවස්ථා සක්‍රීය කර ශ්‍රී ලාංකික අපනයන කෙරෙහි ඇති කර ඇති බලපෑම අවම කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රජයේ අනෙකුත් ප්‍රධාන ආර්ථික නියෝජිතායතන සහ පෞද්ගලික අංශය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව පුළුල් ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගෙන ඇත.  2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති අතර, සංශෝධිත ප‍්‍රක්ෂේපණවලට අනුව එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි ආර්ථික බලපෑම සහ ශ්‍රී ලංකාවට එයින් එල්ල වන ඉල්ලීම් හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2020 ජුනි 10 වැනි දින 'අද දෙරණ' සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම ප්‍රකාශය සිදුකළේය.

කොවිඩ්-19 වසංගත  ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේ සිට, එයින් ඇතිවන අහිතකර බලපෑම් මැඩපවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට පහසුකම් සැලසීම පිණිස, මෙම අමාත්‍යාංශයේ 'ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන' අපනයන සංවර්ධන මණ්ඩලය සහ තේ මණ්ඩලය වැනි නියෝජිතායතන සමඟ සහයෝගයෙන් යුතුව වැදගත් උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව අතිරේක ලේකම්වරයා පැවසීය. ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. විකාශනය වෙමින් පවතින ගෝලීය කොවිඩ්-19 තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ රබර් මත පදනම් වූ  නව නිෂ්පාදනයන්ට අදාළ වූ  වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන කටයුතු වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ (මුහුණු ආවරණ සදහා නව වෙළඳපොළ 12 ක් ද, ආරක්ෂිත ගවුම්  සදහා නව වෙළඳපොළ 17 ක් ද, රබර් අත්වැසුම් සදහා නව වෙළඳපොළ 12ක් ද , අත් සනීපාරක්ෂක ද්‍රව්‍ය සදහා නව වෙළඳපොළ 12ක් ද වශයෙන් මේ වන විට අපනයනයන් ක්‍රියාත්මක වේ). මෙම අමාත්‍යංශය විසින් කරන ලද මැදිහත්වීම් තුළින්, අභියෝගාත්මක තත්වයන් යටතේ සහ ශ්‍රී ලංකා තේ මෙට්‍රික් ටොන් 344 ක් තුර්කියට ද  මෙට්‍රික් ටොන් 220 ක්  ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතර, ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කර ඇත.

ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) ඉල්ලීම පරිදි, මෙම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව පුද්ගලික ආරක්ෂක උපකරණ නිෂ්පාදනය සඳහා  අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන සාර්ථකව සම්බන්ධීකරණය කර ඇති අතර, එමඟින් බොහෝ රටවලින් පැමිණෙන ඉහළ යන ඉල්ලුමට සරිලන සේ අදාළ නිෂ්පාදන වෙළදපොළට සැපයීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී ඇත. මෙහිදී  නිශ්චිතව අමුද්‍රව්‍ය සැපයිය හැකි සැපයුම්කරුවන් 53 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇත.

පශ්චාත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේදී, මෙම අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව නව වෙළඳපොළවල් අත්පත් කර ගැනීමට සහ පවත්නා වෙළඳපොළවල ඉල්ලුම ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව, ඉදිරි කාලය තුළ දී ඉල්ලුම වැඩිවිය හැකි අපනයන ක්ෂේත්‍ර 15 ක් මේ වන විට හඳුනාගෙන තිබේ. වර්තමානයේ සමස්ත ලෝකයේම පවතින අවහිරතා, අභියෝග සහ අවස්ථාවන් සැලකිල්ලට ගනිමින්, පොල්, සැකසූ ආහාර, මුහුදු ආහාර, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් හා විදුලි උපකරණ, සැපයුම් සේවා, මුද්‍රණ කටයුතු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ, ආයුර්වේද සහ ශාකසාර, ශරීර සුවතා නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ ඉංජිනේරු කටයුතු, ඉදිකිරීම් සහ බෝට්ටු හා නැව් තැනීම ආදී වූ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගත් පුළුල් ක්‍රියාමාර්ග මේ අනුව සැලසුම් කෙරෙමින් පවතී. මෙහි ඉදිරි පියවරක් ලෙස, ආයුර්වේද හා ශාකසාර, පිඟන් සහ පෝසිලේන්, බෝට්ටු සහ නැව් තැනීම, ඉලෙක්ට්‍රොනික් හා විදුලි අංශ ඇතුළුව, ඉහළ යමින් පවතින ඉල්ලුමට අනුව සකස් කරගත් ප්‍රමුඛතා අනුව එකකට පසු එකක් ලෙස සිදුකෙරෙන වෙබ්නාර් සහ වීඩියෝ රැස්වීම් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සැලසුම් කොට ඇත.

මෙම කර්තව්‍යයේ දී, විදේශ සබදතා අමාත්‍යාංශය විදේශ දූත මණ්ඩල සහ පෞද්ගලික අංශය සමග ද, මෙම අවස්ථාවේදී ජාත්‍යන්තරව භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යන ගුවන් සමාගම් කිහිපයෙන් එකක් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ද ඉතා සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි. හැකි සෑම අවස්ථාවකදීම නැවත මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම තුළින් ද  මෙම ගුවන් ගමන්වල ශක්‍යතාව වැඩිදියුණු  කර ඇති අතර, එමඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙකම සියලු පාර්ශ්වයන්ට වඩාත් ලාභදායී ලෙස හැසිරවීමට අවස්ථාව උදා වී ඇත.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 ජුනි 11 වැනි දින

Below is the transcript of Additional Secretary/Economic Affairs P.M. Amza, during the interview on Ada Derana on 10 June 2020

Reporter- Export sectors across the world have seen significant downturn following COVID-19 outbreak and are as yet showing very slow signs of recovery as governments have been rushing to implement the measures to stabilize the economic impact of the virus with the key focus on exports. Now in Sri Lanka, the Ministry of Foreign Relations has been instrumental in assisting in the country’s export sector in recalibrating their operations to suit the sector recording the historic decrease by 64% 277.4 Million US dollars from 772.5 million US dollars in export revenue recorded in April 2019. I’ve invited the Additional Secretary for Economic Affairs of the Foreign Ministry Ambassador P.M. Amza. Thank you very much for joining us tonight on the live discussion to talk about the exports and the intervention and what measures the Foreign Ministry will take.

Mr. P.M. Amza – Thank you, first of all for having us today and giving us the opportunity of talking to you on this very important and timely subject and in fact, the Sri Lanka Foreign Ministry, as you know, we have been working with 67 missions abroad and the High Commissions, Embassies, Consulate Generals and Deputy High Commission and we also work along with the line agencies here: namely the EDB, BOI, the Tourism Board and the Foreign Employment Bureau. So in fact traditionally we have been working through these organizations giving our Missions targets. In fact it was started in 2018 when the current Foreign Secretary became the Additional Secretary, and we have introduced the Economic Diplomacy programme where we have given the Missions the targets and also help the Missions to achieve those targets including finding resources, but when it comes to COVID-19 I think, we all even the entire world had been confused on how to deal with our economy and we, as early as late March, I remember the first communication to our Missions went out on the 30th of March Circular No. 100 asking our Missions to provide details under five categories and particularly to  the market updates in their respective accreditations and concurrent  accreditations and we were able to get 59 market reports and  altogether 59 reports were published in the EDB website for the exporters and the chambers to know, to give you a summary of that. And we had got the summary under four categories particularly as you know our main exports are in apparel and the Tea as well as  rubber products and all three  items we were finding opportunities particularly.

Reporter  - this is the post COVID time

Mr. P M Amza – In the post COVID time –in fact it started in late March and April and May and the summary has been we had demand for Tea in 24 countries, Face masks in 26 countries.  PPEs in 15 countries, Rubber gloves in 22 countries and Processed foods in 16 countries and Vegetables and Fruits in 14 countries.

Reporter – This, in the given current challenges and ongoing difficulties show that still there is demand for Sri Lankan exports and we are looking at a strategy for post COVID time also through the Foreign Ministry.

Mr. Amza - Absolutely in fact taking the example of Tea, we were able to get into the Egyptian market. I have these statistics here 220 MT of Tea and Turkey 344 MT of Tea. All those have been facilitated with the collaboration of the Tea Board whereas Tea Board was assisted by our Ministry in getting the legalization of documents. As you know we were under curfew and the Missions were also closed and we were able to diplomatically approach the Missions in Colombo from Middle East as well as Turkey. We were able to ask them to legalize the documents and apart from that we were able to help our producers particularly in the garment sector to source raw materials because we have our garment industries geared for certain products and when you immediately get orders for PPEs, we have serious problems of getting those exports done because we don’t have raw materials and we were very happy out of the 23 Missions we approached in South Asia, South East Asia and the Middle East, 16 Missions have come out with 53 contact points which helped our industry here to get the raw material and keep the export running and that might be the reason in April 2020, the exports were 277 Mn and it was shot up to 606 Mn provisional in May. I think if we continue this trend there is absolute opportunity for us to go according to the new set of targets which is …

Reporter - What is your new set of targets?

Mr Amza – New set of targets is 10.75 Billion which we reduced from the 18.5 Billion but I am sure to achieve this 10.75 Billion. We need to have 818 Mn average month. We have already gone to 606 Mn in May. I think if the trend continues there is absolute opportunity for us to reach the target which we have set up.

Reporter – But amidst this challenges, Ambassador Amza which we face currently also challenge to sustain the export industry because we face several shocks. What strategies and policies you are looking at because you overseeing this export development side also.

Mr. Amza – Thank you for the question. Apart from this traditional items we have been also now working with EDB and we have identified 15 sectors. The new sectors ranging from you know boat building, porcelain items, the BPO IT products and things like that. And we are now working with our Missions since this target has been done and we are now concentrating on 5 specific areas where we will be dealing with our Missions through webinars on 5 areas  namely boat and ship building, ceramic and porcelain sector, Ayurveda and herbal sector, electronic and electrical and coconut so that in the pipeline, out of 15 sectors that we have identified we have reason to believe that we can work with five sectors with our Missions, selected Missions not all the Missions, to introduce the new Markets to the world. I am sure we should be able to work because we have an excellent team in our Missions and they have been absolutely helpful.

Reporter – very quickly before we wrap up this discussion Ambassador Amza, of course at the end of the tunnel what we see for Sri Lanka because you say that new opportunities you are looking at and new ways this also requirement for standardization amidst a pandemic and the health guidelines of the health  authorities. What should the exporters know while the Foreign Ministry is dealing with the other issues of bringing Sri Lankan expatriates back to Sri Lanka and liaising with your Foreign Missions. This export sector is also the top priority

Mr. Amza – This is an unprecedented time for us and our Missions abroad. They have been facing new challenges which they have not faced before. And I am sure so far, my colleagues in the other sections in the Ministry they had been doing remarkable amount work in containing and bringing the Sri Lankans to Sri Lanka but my Division is dealing with exports and I am working with Export related industries and the Board of Investment and another agencies who are directly dealing with Economic Affairs. I am sure that we are a nation which has shown our resilience our number of field I am sure that this will be a difficult time if not that difficult may not be able to come out we have to be positive.

Reporter – Thank you very much, Secretary Amza who is in the Economic Affairs Division of the Foreign Ministry in Sri Lanka for joining us to talk about challenges and opportunities of Sri Lankan exports.

Please follow and like us:

Close