දකුණු කොරියාවේ ඇති වූ COVID-19 කොරෝනා වෛරස අසාදන තත්ත්වයෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සහතික කරයි

දකුණු කොරියාවේ ඇති වූ COVID-19 කොරෝනා වෛරස අසාදන තත්ත්වයෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සහතික කරයි

විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව විදේශ සබඳතා අමාත්‍යාංශය සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටී.

සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන අන්දමට, මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට ගොදුරු වී නොමැත. සංක්‍රමණික කම්කරුවන් මෙන්ම සිසුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 20,000 කට අධික පිරිසක් එරටේ වෙසෙති. ඩේගු නගරයෙහි වෙසෙන 915 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කෙරෙහි මෙම තානාපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කරයි.

තානාපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඍජු දුරකථන දැනට පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක් ද ක්‍රියාත්මක වේ. මේ සඳහා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් පිහිටුවා ඇති අතර, මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ අනෙකුත් සියලු දෙනා සමඟ සම්බන්ධ වී සිටී.

ඍජු දුරකථන:

තානාපති කාර්යාලයේ පොදු දුරකථන:

(0082) -2-735-2966, (0082) -2-735-2967, (0082) -2-794-2968

සසංගා නිකපිටිය, පළමු ලේකම් - (0082) -10-7222-1352

සෙනරත් යාපා, උපදේශක (රැකියා හා සුභසාධන) - (0082) -10-3389-2227

නිලන්ති පැලවත්තගේ, දෙවැනි ලේකම් - (0082) -10-4084-0855

සමන්තා සේනායක, තෙවැනි ලේකම් (රැකියා හා සුභසාධන) - (0082) -10-7499-2966

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 පෙබරවාරි 22 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close