කොළඹ දී පැවති ආර්ථික අධ්‍යයන ආයතනයේ සම්මාන ප්‍රදානෝත්සවයට විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා සහභාගී වෙයි

කොළඹ දී පැවති ආර්ථික අධ්‍යයන ආයතනයේ සම්මාන ප්‍රදානෝත්සවයට විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා සහභාගී වෙයි

DSC_7274

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ ආර්ථික අධ්‍යයන ආයතනය (IES) මඟින් "ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව" යන තේමාව යටතේ සංවිධානය කරන ලද, 2019 දෙසැම්බර් 27 වැනි සිකුරාදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවය ප්‍රධාන ආරාධිතයා ලෙස සමාරම්භනය කරන ලදී.

සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් හා සංකේතාත්මකව උත්සවය සමාරම්භනය කිරීමෙන් අනතුරුව, විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා ආර්ථික අධ්‍යයන ආයතනයේ උපාධිධාරීන්ට සම්මාන ප්‍රදානය කළේය. නව දිල්ලි නුවර පිහිටි මෙම ආයතනය, වාර්ෂිකව ලොව පුරා විවිධ නගර තෝරාගෙන එහි ප්‍රධාන උත්සවාංග සංවිධානය කරන අතර, මෙම වසරේ උත්සවය කොළඹ දී පැවැත්වීය.

මෙම උත්සවයට සහභාගී වූ සම්භාවනීය පිරිස අතර ඉන්දියානු රජයේ තමිල්නාඩු හි සහයෝගීතා අමාත්‍ය ශ්‍රී  සෙලූර් කේ. රාජු මහතා "මින්ඩනාඕ ෆ්රාන්ස්" හි ජාත්‍යන්තර කුමරිය ඉසබෙල් ලාෆෝග් කුමරිය, බලයේ පවතින භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා අනිලා සිං මහත්මිය හා ඉන්දීය රජයේ ජාතික ජල විදුලිබල සංස්ථාවේ (NHPC) හිටපු සභාපති ශ්‍රී යෝගේන්ද්‍ර ප්‍රසාද් මහතා වීය.

මෙම ආර්ථික අධ්‍යයන ආයතනය, ඉන්දියාවේ ආර්ථිකයේ හා ආර්ථික සංවර්ධනයේ විවිධ අංශවල නූතන වැදගත්කම පිළිබඳව අධ්‍යයන කිරීමට සහ සාකච්ඡා කිරීමට ඒකරාශී වූ ආර්ථික විද්‍යාඥයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කර්මාන්තකරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් 1980 වසරේ දී ආරම්භ කරන ලද්දකි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයෙන් අනතුරුව ව්‍යාපාරික හවුල්කාරිත්ව වැඩසටහනක් ද පැවැත්වීය.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2019 දෙසැම්බර් 28 වැනි දින
DSC_7183 DSC_7188 DSC_7452
Print Friendly, PDF & Email
Please follow and like us:

Close