Foreign Minister Gunawardena appreciates support of countries at UNHRC

Foreign Minister Gunawardena appreciates support of countries at UNHRC

Foreign Minister Dinesh Gunawardena held a media conference at the Foreign Ministry today, 23 March 2021, to brief the media on the outcome of the UNHRC sessions in Geneva. He appreciated the support extended by the countries in favour of Sri Lanka.

Video Link: https://m.youtube.com/watch?v=N1IfiA9u8Dg

------------------------------

..............................................

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට කවුන්සලයේ සමාජිකත්වය ලබා ගෙන ඇති රටවල් 47 න් 22 ක් පමණක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කීරීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය විමසීම 23දා මෙරට වේලාවෙන් ප.ව. 4.25ට පමණ සිදුවිය. එම ඡන්ද විමසීමෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආධිපත්‍යවාදී රටවල් පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරන රටවල් අතරින් තෝරා ගත් රටවල් තනිකර ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරටේ ජනාධිපතිවරයා ලෙස රටේ අති බහුතර ජනතා ඡන්දයෙන් පත් කරගෙන ඉන් පසුව එතුමාට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගන්නත් රටේ බහුතරය ඡන්දය පාවිච්චි කරලා තිබෙනවා. පසුගිය ආණ්ඩුව අපේ රට භයානක තත්ත්වයකට ඇද දමන්න ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම අනුග්‍රහකත්වය ලබා දීල යෝජනා සම්මත කර ගෙන තිබුණා. අපේ රජය පත් වුණාට පසුව 2019 වසරේදී අපි 43 වන මානව හිමිකම් සමුළුවට සහභාගි වී ඒ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුණා. අපි එදා කීවා අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා කියල. අපි එදා සිට අද දක්වා ඒ අනුව කටයුත් කරමින් යනවා.

අද ලෝකයම කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා. රටවල් සියයකට වැඩිය එන්නත ලබා ගන්න බැරිව දුකට පත්ව සිටිනවා. එවැනි වෙලාවක මානව හිමිකම් කොමිෂමේ පළමු වගකීම විය යුත්තේ කොවිඩ් වසංගතයට ගොදුරු වන ජනතාව ඉන් මුදවාගෙන ඔවුන් ජීවත් කරවීමයි. අපි මේ ගැන සමුළුවට ප්‍රකාශ කර තිබෙනවා.

අපට එරෙහි මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව පදනම් විරහිත වැරදි සංඛ්‍යා ලේඛන හා වැරදි තොරතුරු ඇතුළත් වාර්තාවක් බව පෙන්වා දී එය මුළුමනින්ම අපි ප්‍රතික්ෂේප කළා. ඒ වාගේම එම යෝජනාවට එරෙහි වන ලෙස අපි මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවල්වලින් ඉල්ලා සිටියා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට කටයුතු කරන්න මානව හිමිකම් කවුන්සලයට බෑ. මානව හිමිකම් කවුන්සලය පිහිටුවීමේ මූලික යෝජනාවට පටහැනිව ඔවුන්ට කටයුතු කරන්න බෑ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය අනුව ඔවුන්ට ඕනෑ විදියට රටවල් තෝරාගෙන ඒ ඒ රටවලට එල්ල බලා චෝදනා එල්ල කරන්න බැහැ. ඒ මූලික ප්‍රතිපත්තියට පටහැනිව අප රටට එරෙහිව එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කළ යෝජනාවට මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් 47 න් රටවල් 22 ක් පමණයි ඡන්දය ප්‍රකාශ කර තිබන්නේ. මේ නිසා ඔවුන්ට බහුතරය අහිමිව තිබෙනවා. උතුර විසින් දකුණ පාලනය කිරීම හෙවත් යටත්විජිතවාදී රටවලින් අමාරුවෙන් ලබා ගත් නිදහස පාලනය කීරිමේ උත්සහය පරාජය කර තිබෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, අපේ රජයත් රටේ වැදගත් රටට ආදරය කරන අයත් එක්ව ලෝකය දැනුවත් කළා. කොවිඩ් වසංගතය නිසා අපි කාටවත් මේ සමුළුවට සහභාගී වෙන්න ලැබුණෙ නෑ. විද්‍යුත් මාර්ගයෙන් සමුළුව පවත්වා අප වැනි රටවලට බලපෑම් කරමින් කටයුතු කළ ද අපේ රටේ ස්වෛරීත්වය, නිදහස ආරක්ෂා කරමින් අපට එරෙහි යෝජනාව පරාජය කිරීමට අප කැප වුණා. අප එදා සහතික වු පරිදි මානව හිමිකම් උල්ලංඝනය වී ඇත්නම් ඒ පිළිබඳ විමර්ශනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ⁣ජනාධිපති කොමිසමක් පත් කරලා එහි කටයුතු දිගටම කරගෙන යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙන පරිදි අපි 2030 තිරසර සංවර්ධන සැලැස්ම ජයග්‍රහණය කරන්න කටයුතු කර ගන යනවා. ඒ වාගේම අපේ රටේ ජීවත්වෙන සිංහල, දෙමළ, මුස්ලිම් යන ඕනෑම ජාතියකට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ගමන් කරන්න, ජීවත් වෙන්න, පදිංචි වෙන්න පුළුවන් පරිසරයක් අපි ඇති කරල තිබෙනවා. LTTE ත්‍රස්වාදීන් විසින් විනාශ කළ ප්‍රජා අයිතීන් ආරක්ෂා කර දෙන දේශයක් බවට අද රට පත් කර තිබෙනවා. මේ සාධනීය කරුණු බැහැර කරමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් අපට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට බහුතරය නොලැබී ඡන්ද 22 ක් පමණයි ලබා ගත හැකි වුණේ. එමෙන්ම ඡන්ද 11 ක් එක්සත් රාජධානිය ඇතුළු රටවල් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඡන්ද 14 එම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා. මේ අනුව රටවල් 47 න් 25ක් ම මේ යෝජනාවට කැමැත්ත දීලා නෑ. ඒක ඉතාම වැදගත් යැයිද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close