ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි ලබා දී ඇති ප්‍රමුඛතාවය සහ විදේශයන්හි නව රැකියා අවස්ථා පිළිබඳව විදේශ ඇමතිවරයා සාකච්ඡා කරයි

ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි ලබා දී ඇති ප්‍රමුඛතාවය සහ විදේශයන්හි නව රැකියා අවස්ථා පිළිබඳව විදේශ ඇමතිවරයා සාකච්ඡා කරයි

EW7Ago-WkAAWa-_

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විවිධ විෂයයන්  රාශියක් සම්බන්ධයෙන් පැවති සම්මුඛ සාකච්ඡාවකදී, විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය ලබා දී ඇති ප්‍රමුඛතාවය සහ මැදපෙරදිග සංක්‍රමණික සේවකයින්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක වන අතිරේක සේවාවන් පිළිබඳව අවධානය යොමුකොට තිබේ.

COVID-19 අර්බුදය තිබියදීත්,  කොරියානු ජනරජය නව රැකියා අවස්ථා 500 ක් උදාකර දී ඇති අතර එය විදේශ සේවා නියුක්ති කාර්යාංශය නොබෝ දිනකින් ප්‍රසිද්ධ කරනු ඇත. අමාත්‍ය ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා විදේශ අමාත්‍යාංශයේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ විදේශ අමාත්‍යංශයේ දී පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Full interview  at : https://youtu.be/U2Ob_PYM9rk

Print Friendly, PDF & Email
Please follow and like us:

Close