
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සඳහා දැනුම්වත් කිරීමක් 2025 සැප්තැම්බර් 02 වැනි අඟහරුවාදා දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී, අමාත්‍ය හේරත් මහතා විසින් රජය බලයට පත්වීමෙන් මාස 11 කට පසු ලබා ඇති ප්‍රගතිය පැහැදිලි කරනු ලැබූ අතර සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කරන ලද ප්‍රධාන පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් පිළිබඳව අවධාරණය කරනු ලැබිණි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ ස්ථිර සහ සැබෑ කැපවීම ඔහු නැවත තහවුරු කළේය.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූර්ණය සඳහා වන කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය ඇතුළු දේශීය සංහිඳියා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳවද අමාත්‍යවරයා අවධාරණය කළේය. ඊට අමතරව, රජයේ දූෂණ විරෝධී ව්‍යාපාරය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ නව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කිරීමේදී සහ මාර්ගගත ආරක්ෂණ පනතට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ලබා ඇති සංයුක්ත ප්‍රගතිය පිළිබඳවද අමාත්‍යවරයා විස්තර කළේය.
රජය ගෙන ඇති පරිවර්තනීය ගමන් මග සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ අඛණ්ඩ පිළිගැනීම සහ දිරිගැන්වීම අමාත්‍ය හේරත් මහතා ඉල්ලා සිටි අතර, සංහිඳියාව සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යෑම, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ සියලු දෙනා ඇතුළත් වන ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ජාතික ක්‍රියාවලීන්ට සහය වන ලෙස අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ලේකම්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූර්ණය සඳහා වන කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය යන ආයතනවල නියෝජිතයෝ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 සැප්තැම්බර් 03 වැනි දින









