Sinhala PDF (Text below)
Statement by Hon. Mangala Samaraweera, MP
Minister of Foreign Affairs of Sri Lanka
High Level Segment of the 22ndSession of the Conference of Parties
to the United Nations Framework Convention on Climate Change (COP22)
and
12th Session of the Conference of Parties serving as a Meeting of Parties to the Kyoto Protocol
16 November 2016, Marrakesh, Morocco
H.E. Salaheddine Mezouar, President of COP22 and CMP12
Executive Secretary of UNFCCC
Excellency’s
Distinguished delegates
Ladies and gentlemen
At the outset, let me convey my delegation’s appreciation to the Government and the people of the Kingdom of Morocco for hosting this important Conference and for the warm hospitality extended to us. Let me also convey the best wishes of my President H.E. Maithripala Sirisena.
This Conference is significant as it takes place just days after the entry into force of the Paris Agreement on Climate Change on the 4th of November.
As an island nation, Sri Lanka is deeply conscious of the impacts of Climate Change. In fact, we are facing its adverse impacts already in the form of droughts, unprecedented and rising temperature, floods, unseasonal rain, and coastal erosion.
Mr. President,
Sri Lanka became party to the Paris Climate Agreement in September this year, and we are pleased that the world’s largest economies have become party to this historic Agreement. Their support is needed more than ever for countries around the world to be able to address the threat of climate change which threatens life on this ONE Planet that all of us, rich, poor, small or large, have, to share, and call home.
Our commitment to the Paris Climate Agreement is our best hope to limit rising temperatures that would otherwise have devastating consequences for future generations.
Mr. President,
Sri Lanka, for its part, has taken several initiatives. A National Climate Change Policy, and a National Climate Change Adaptation Strategy have been formulated; and a high-level coordination body led by the President has been setup to align our policies with our international commitments on environmental issues. The portfolio of Environment is held by the President himself to ensure commitment, action and guidance at the highest level of Government, in fact Sri Lanka has launched several climate smart initiatives including implementing sound sustainable energy development programs and reduction of GhG emissions in five main sectors. I.E. Energy, Transport, Industry, Forest and Waste. We have also recently launched a project to conserve mangrove forests which are seen as vital resources for mitigating the effects of climate change. The President of Sri Lanka, even prior to the ratification of the Paris agreement launched the “Sri Lanka next - Blue Green Era” program last December to demonstrate our commitment to the agreement.
Mr. President,
Technology transfer from the developed to developing countries is vital in the quest to combat Climate Change. Sri Lanka therefore adds its voice to those of other developing nations to urge greater access to finance including from the Green Climate Fund. Mitigation and adaptation financing and capacity building are essential and urgent.
Moreover, higher GHG emitters must assist developing countries struggling to meet development needs.
The world today is more conscious than ever that collective action is required to combat Climate Change and meet the Sustainable Development Goals by 2030.
I hope that we sustain the momentum and commitment achieved last year through the Paris Climate Agreement and the 2030 Agenda, to stay the course required to address the challenges before us collectively with due diligence and responsibility.
Thank you.
* * *
Sinhala Text
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය
කාලගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය සඳහා වූ පාර්ශව සමුළුවේ 22 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ විශේෂාංගය සහ ක්යෝතෝ සන්ධානය සඳහා වූ පාර්ශව හමුව ලෙස කටයුතු කරන පාර්ශ්ව සමුළුවේ 12 වැනි සැසිවාරය
- 2016 නොවැම්බර් 16, මරකේෂ්, මොරොක්කොව -
පාර්ශ්ව සමුළුවේ 22 වැනි සැසිවාරයේ සහ පාර්ශ්ව හමුවේ 12 වැනි සැසිවාරයේ සභාපති අතිගරු සලාහෙඩ්ඩයින් මෙසෝර් මැතිතුමනි,
කාලගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ විධායක ලේකම්තුමනි,
උතුමාණෙනි,
ආරාධිත නියෝජිත මණ්ඩල සාමාජිකයිනි,
නෝනාවරුනි මහත්වරුනි,
ආරම්භයේදීම, මොරොක්කෝ රාජධානියේ ආණ්ඩුව මෙන්ම එහි ජනතාව, මෙම වැදගත් සම්මේලනයට සත්කාරකත්වය ලබාදෙමින් මා ඇතුළු මාගේ නියෝජිත පිරිස වෙත පුද කළ උණුසුම් ආගන්තුක සත්කාර වෙනුවෙන් අපගේ හද පිරි කෘතඥතාව පුද කරනු කැමැත්තෙමි. මාගේ රටේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උණුසුම් සුභ පැතුම් මේ වෙනුවෙන් ඔබ වෙත ගෙන ඒමට ද මම අදහස් කරමි.
කාලගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම බලාත්මක කෙරුණු නොවැම්බර් 04 වැනි දිනට ඉතා ආසන්න දිනයක මෙම සම්මේලනය පැවැත්වීමට ලැබීම සුවිශේෂී කාරණයකි.
දූපත් රටක් වශයෙන්, ශ්රී ලංකාව කාලගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි. එහි දරුණු ප්රතිවිපාක දැනටමත්, නියං, පෙර නොවු විරූ පරිසර උෂ්ණත්වය ඉහළ යාම්, ගංවතුර, ඍතුමය නොවන වැසි සහ වෙරළ ඛාදනය වැනි විවිධ ස්වරූපවලින් අත් විඳීමට අපට සිදු වී ඇත.
සභාපතිතුමනි,
මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී, ශ්රී ලංකාව, පැරිස් කාලගුණික ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු බවට පත් වූ අතර මෙම ඓතිහාසික ගිවිසුමේ පාර්ශ්වකාරීත්වයට ලොව බලවත් ආර්ථිකයන් හිමි රටවල් ද සිය එකඟතාව පළකර තිබීම සතුටට කරුණකි. ඇති නැති, ලොකු, කුඩා භේදයකින් තොරව සෑම සියලු දෙනා විසින්ම තම නිවස ලෙස බෙදා හදා ගනිමින් කටයුතු කළ යුතු මෙම පෘථිවියේ වෙසෙන ජීවිත, අවධානමට ලක් කරන කාලගුණික විපර්යාසවල බලපෑම සඳහා පිළියම් යෙදීමට ඇති හැකියාව ලොව සෑම රටකටම ලබා ගැනීම උදෙසා එම බලවත් ආර්ථික හිමි රටවල සහයෝගය අන් කවරදාටත් වඩා අවශ්‍ය වී ඇත.
අනාගත පරපුර වෙත දැඩි අනර්ථකාරී ප්රතිවිපාක එල්ල විය හැකි, ඉහළ යමින් පවතින පරිසර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා අප සතුව ඇති එකම බලාපොරොත්තුව පැරිස් කාලගුණික ගිවිසුමට අප දක්වන කැපවීමයි.
සභාපතිතුමනි,
ශ්‍රි ලංකාව මේ සම්බන්ධයෙන් විවිධ පියවර අනුගමනය කොට ඇත. ජාතික කාලගුණික විපර්යාස ප්‍රතිපත්තියක් සහ කාලගුණික විපර්යාස උපායමාර්ගික සැළසුමක් ද සකස් කොට ඇත.
පාරිසරික ගැටලු පිළිබඳ වු අපගේ ජාත්‍යන්තර කැපවීම් සමඟ අපගේ ප්‍රතිපත්ති අනුයාත කිරීම සඳහා ජනාධිපතිතුමන් විසින් මෙහෙයවනු ලබන ඉහළ මට්ටමේ සම්බන්ධිකරණ ආයතනයක් පිහිටුවා තිබේ. පරිසර අමාත්‍යධුරය අතිගරු ජනාධිපතිතුමන් විසින්ම දැරිම මගින්, එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ඉහළම මට්ටමේ කැපවීම, ක්‍රියාකාරිත්වය සහ මගපෙන්වීම මනාව තහවුරු කරයි.
හුදෙක්, ශබ්දය උපකාරි කොට ගත් බලශක්ති උත්පාදන වැඩසටහන් සහ බලශක්තිය, ප්‍රවාහනය, කර්මාන්ත, වනාන්තර සහ අපද්‍රව්‍ය වැනි ප්‍රධාන අංශ පහක් යටතේ හරිතාගාර වායු විමෝචනය අවම කිරිමේ වැඩසටහනක් ඇතුළු ඉහළ තාක්ෂණික උපයෝගීතාවක් සහිතව, කාලගුණික විපර්යාස සඳහා මුහුණ දීමේ සාර්ථක පියවර රැසකට මුලපුරා තිබීමෙන් මෙය තවදුරටත් සනාථවේ.
දේශගුණික විපර්යාස නිසා උදාවන තත්ත්වයන් සමනය කිරීම සඳහා කඩොලාන ආරක්ෂා කිරීමේ ව්යාපෘතියක් ද මෑතකදී අප විසින් ආරම්භ කරන ලදී. ගිවිසුම කෙරෙහි අප දක්වන වගකීම හුවා දැක්වීම සඳහා පැරිස් ගිවිසුම අපරානුමත කිරීමටත් පෙර සිටම, පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකාවේ ඊළඟ නීල-හරිත යුගයක් පිළිබඳ වැඩ සටහන දියත් කරන්නට යෙදුනි.
සභාපතිතුමනි,
දේශගුණික විපර්යාසවලින් සිදුවන හානි මැඩ පැවැත්වීම සඳහා සංවර්ධිත රටවලින් සංවර්ධනය වන රටවලට තාක්ෂණය මාරු කිරීම අතිශයින්ම වැදගත් වේ. හරිත දේශගුණික අරමුදල ඇතුළු අරමුදල් වලින් වැඩි වැඩියෙන් මුදල් ඉල්ලා මෙතෙක් සංවර්ධනය වන ජාතීන් නඟන හඩට ශ්‍රී ලංකාවද හඩක් එකතු කරයි. හානි ලිහිල් කිරීමේ හා අනුවර්තනය වීමේ අරමුදල් හැකියා වර්ධනය හදිසි අවශ්‍යතා වේ.
තවද, හරිතාගාර වායු විමෝචනයන් මගින් සංවර්ධනය අවශ්‍යතා සඳහා වෙහෙසකරන සංවර්ධනය වන රටවලට සහාය විය යුතු වේ.
දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීම සඳහාත් 2030 දී තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සඳහාත් සාමුහික ක්‍රියාකාරීත්වය අවශ්‍ය බව කිසිදාක නොවූ විරූ ආකාරයෙන් දැන් ලොවට දැනී තිබේ.
අප හමුවේ ඇති අභියෝග වලට උද්යෝගයෙන් හා වගකීමෙන් යුතුව මුහුණදීම සඳහා පැරිස් දේශගුණික ගිවිසුම හා 2030 න්‍යාය පත්‍රය තුළින් පසුගිය වර්ෂයේ දී අප දැක්වූ ගම්‍යතාව හා අප කළ ඇප කැපවීම් එලෙසින්ම පවත්වා ගත යුතුයැයි මම විශ්වාස කරමි.
ස්තුතියි!
***