අපනයන ලේඛන
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- අපනයන ලේඛන සත්‍යාපනය පිණිස භාරගත හැක්කේ, මෙම අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති වාණිජ මණ්ඩලයකින් නිල මුද්‍රා තබා සහතික කළ, ප්‍රභව ස්ථාන සහතික (Certificate of Origin), ඉදිරිපත් කර ඇත්නම් පමණි.
- අපනයන ලේඛන කට්ටලයක් සත්‍යාපනය කිරීම පිණිස රුපියල් 6000/= ගාස්තුවක් අය කෙරේ. ප්‍රභව ස්ථාන සහතික (Certificate of Origin) කට්ටල කිහිපයක් ඇත්නම් ඒ එක් එක් කට්ටලය වෙනුවෙන් වෙන වෙනම ගාස්තු අය කෙරේ. එක් අපනයන ලේඛන කට්ටලයක පහත සඳහන් ලේඛන ඇතුලත් විය හැකිය.
- ප්‍රභව ස්ථාන සහතිකය (Certificate of Origin)
- ඉන්වොයිසිය / වෙළෙඳ ඉන්වොයිසිය (Invoice/ Commercial Invoice)
- නෞභාර පත්‍රය (Bill of Lading)
- සෞඛ්‍ය සහතික (Health Certificate)
- විද්‍යාගාර පරීක්ෂණ සහතික (Laboratory Certificates)
- විශ්ලේෂණ වාර්තා (Analysis Reports)
- ස්වස්ථතා සහතික (Phytosanitary Certificates)
- නිරෝධායන සහතික (Quarantine Certificates)
- පාර්ශවකරුවන්ගේ පිටපත (Party’s copy)
තවද, ප්‍රභවස්ථාන සහතිකය (Certificate of Origin) නොමැතිව පහත සඳහන් ලේඛන වෙන වෙනම සත්‍යාපනය කිරීමට රුපියල් 800/= ක ගාස්තුවක් අය කෙරෙනු ඇත.
- සෞඛ්‍ය සහතික (Health Certificate)
- විද්‍යාගාර පරීක්ෂණ සහතික (Laboratory Certificates)
- විශ්ලේෂණ වාර්තා (Analysis Reports)
- ස්වස්ථතා සහතික (Phytosanitary Certificates)
- නිරෝධායන සහතික (Quarantine Certificates)
- නිදහස් විකිණීම් සහතික (Free Sale Certificates)
- තත්ත්ව හා ප්‍රමිති සහතික (Quality and Standards Certificates)
- දිවුරුම් ප්‍රකාශ හා ඇටෝනි බලපත්‍ර (Affidavits and Power of Attorneys) (ශ්‍රේෂ්ඨාධිකරණයේ සහතිකය ලත්)
- පාර්ශවකරුවන්ගේ පිටපත
සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීම
කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය දෙවැනි මහල,සෙලින්කෝ ගොඩනැඟිල්ල ජනාධිපති මාවත කොළඹ 01 ශ්‍රී ලංකාව දුරකතන : +94 112 338 812 / +94 112 446 302 ෆැක්ස් : +94 112 473 899 විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk
ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D
Close