යහ පාලනය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ 4 වැනි රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන ලද ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

යහ පාලනය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ 4 වැනි රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන ලද ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාව යටතේ වූ යහ පාලනය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වැනි රැස්වීම 2019 අගෝස්තු 30 වැනි දින කොළඹ දී පවත්වන ලදී.

මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසරය සහ යහ පාලනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරන ලද ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වූ ඇප කැප වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය පරිදි සිදු කෙරෙන ද්විපාර්ශ්වික හුවමාරු සහ යුරෝපා සංගම් ජී. එස්. පී + වැඩපිළිවෙළට නැවත ඇතුළුවීම, යන සන්දර්භය හමුවේ මෙම රැස්වීම පවත්වන ලදී.

රටේ මානව හිමිකම් හා මූලික නිදහස ආරක්ෂා කිරීමේදී හා ප්‍රවර්ධනය කිරීමේදී අත්කර ගත ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමයේ සතුට පළ වූ අතර, අනාගතයේදී මෙම ජයග්‍රහණ දිගින් දිගටම රදවා ගන්නා ලෙසත් ඒවා තවදුරටත් ශක්තිමත් කරන ලෙසත් ඉල්ලා සිටින ලදී. තවද, කාන්තා හා ළමා අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම, කිසිදු හේතුවක් මත වෙනස් කොට සැලකීම නොකිරීමට බලකර සිටීම, සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම්වලට විසඳුම් ලබාදීම, ඉඩම් ආපසු ලබාදීමේ කටයුතු නිම කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී. වද හිංසා පැමිණවීම කිසිසේත් නොඉවසීම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය ද සමාලෝචනය කරන ලදී.

කුමන හෝ තත්ත්වයක් යටතේ, මරණ දඬුවම භාවිතා කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විරෝධය ද මෙහි දී එම සංගමය අවධාරණය කළ අතර මරණ දඬුවම ලබාදීම අවළංගු කිරීමේ අරමුණින් එය ක්‍රියාත්මක කිරීමේ තාවකාලික තහනම පවත්වාගෙන යන ලෙසට ශ්‍රී ලංකාව දිරිගැන්වීය. දුෂණයට එරෙහි සටනේ දී ආයතන, ප්‍රතිපත්ති හා නීතිකරණය ශක්තිමත් කිරීමෙහිලා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න පිළිබඳව සතුට පළ කරන ලදී.

සුළු ජාතීන්ට අදාළ කරුණු මෙන්ම, වෛරී අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම රැඩිකලීකරණය හා ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව ගෙන ඇති පියවරවලට අදාළ කරුණු ද මෙම ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම විසින් සාකච්ඡා කරන ලදී. පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සලකාබලමින්, ත්‍රස්තවාදය මැඬපැවැත්වීම පිළිබඳව සහයෝගීතාව හා සංවාදය ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ වී තිබේ. ජාත්‍යන්තර ප්‍රමිති හා මානව හිමිකම්වලට අනුකූලවන ත්‍රස්තවාදය පැරදවීමේ නව නීතිකරණයක අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කරන ලදී.

දේශීය වශයෙන් හා ගෝලීය වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සහ ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නෛතික ලේඛන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මෙම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමේ ඇති ඇප කැපවීම පිළිබඳව යළි යළිත් අවධාරණය කරන ලදී. මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ නිගමනයන් හා නිර්දේශ, කොළඹ දී පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාවට වාර්තා කරනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සංගම් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා සේමසිංහ මෙනෙවිය විසින් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරන ලද අතර යුරෝපා විදේශීය කටයුතු සේවයේ කළාපීය කටයුතු හා දකුණු ආසියාව පිළිබඳ අංශ ප්‍රධාන කැරොලින් විනොට් මහත්මිය විසින් යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලන ලදී.

 2019 අගෝස්තු 31 වැනි දින
කොළඹ

 

Image 02

????????????????????????????????????

Image 04

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close