"තානාපති කුසලාන" ක්‍රිකට් තරඟාවලිය අඛණ්ඩව 3 වන වරටත් වියානා හි දී පැවැත්වේ

“තානාපති කුසලාන” ක්‍රිකට් තරඟාවලිය අඛණ්ඩව 3 වන වරටත් වියානා හි දී පැවැත්වේ

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය, ඔස්ට්‍රියාවේ බංගලාදේශ තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය එක්ව අඛණ්ඩව 3 වන වරටත් ඔස්ට්‍රියාවේ වියානා නුවර De La Salle Sportzentrum හි දී "තානාපති කුසලාන" ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කරන ලදී.

බංගලාදේශය, ඉන්දියාව, අයර්ලන්තය, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන වියානා හි පිහිටි තානාපති කාර්යාල අටක් තරඟාවලිය සඳහා තම කණ්ඩායම් ඉදිරිපත් කරන ලදී. ඔස්ට්‍රියානු ක්‍රිකට් සංගමය තරග විනිශ්ච කටයුතු කිරීමට සහාය විය.

අවසන් තරගයේදී ඉන්දීය තානාපති කාර්යාලයට එරෙහිව ලද ජයග්‍රහණයෙන් අනතුරුව බංගලාදේශ තානාපති කාර්යාලය අඛණ්ඩව දෙවන වරටත් "තානාපති කුසලාන" ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ආරාධිතයන්ගේ අවධානය යොමු වූ තානාපතිවරුන් සහ කාන්තාවන් සඳහා වූ සුහද ක්‍රිකට් තරඟවලින් ද තරඟාවලිය සමන්විත විය.

සංචාරක ප්‍රවර්ධන පුවරු, කොඩි සහ පසුතල වලින් ක්‍රීඩාංගණය අලංකාර ලෙස සරසා තිබූ අතර, ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස පැමිණ සිටි පිරිස අතරේ ප්‍රදර්ශනය කෙරිණ.

ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික ආහාර සමඟින් ලොව විශිෂ්ටතම “සිලෝන් ටී” එම ස්ථානයේ සිටි අමුත්තන් විසින් රස විඳින ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2023 සැප්තැම්බර් 11

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close