අල්ලස් හා දුෂණය මැඩපැවැත්විිම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදේශ අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කරයි

අල්ලස් හා දුෂණය මැඩපැවැත්විිම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදේශ අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කරයි

"දූෂණයට එරෙහිව සටන් කිරීම සහ සුපිළිපන්නභාවය සහ සදාචාරාත්මක හැසිරීම් වල අදාළත්වය" යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසනායක මහතා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඔක්තෝම්බර් 23 වැනි දින සිදුකරන ලදී.

විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සහ ශ්‍රි ලංකා විදේශ සේවා සංගමය විසින් සංවිධානය කරනු ලැබු අතර, විදේශ සේවයේ නිළධාරීන් මෙන්ම විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිළධාරීන් සහ අභ්‍යන්තර කටයුතු ඒකකයේ නිළධාරීන් ද මේ සඳහා සහභාගි විය.

මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසනායක මහතා විසින් දැනට අල්ලස හා දූෂණයට එරෙහිව පවතින නීතිමය තත්වයන්,එම නීතිමය තත්ත්වය යටතේ රජයේ සේවකයන් විසින් ජනතාවට උපරිම සේවයක් සැපයිය යුතු ආකාරය සහ සුපිළිපන් ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීම සදහා රාජ්‍ය සේවකයාගේ වගකීම සහ කාර්‍යභාරය පිලිබද විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2025 ඔක්තෝබර් 27 වැනි දින

 

 

Please follow and like us:

Close