ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නියෝජිත මණ්ඩලයක් ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වේ

ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නියෝජිත මණ්ඩලයක් ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වේ

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් විසින් 2023 සැප්තැම්බර් 04 සිට 2023 සැප්තැම්බර් 14 දක්වා පැවති ඉන්දුනීසියාවේ 'ජාත්‍යන්තර සහයෝගීතා අධ්‍යයන චාරිකාව' සාර්ථකව නිම කරන ලදී. ශ්‍රී ලංකා යුද, නාවික, ගුවන් හමුදා නිලධාරීන් 32 දෙනෙකුගෙන් සහ ශ්‍රී ලංකාවේ සපුගස්කන්ද DSCSC හි මාණ්ඩලික පාඨමාලාව හදාරන විදේශ නිලධාරීන් පස් දෙනෙකුගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත වේ. දූත පිරිසට ප්‍රධානත්වය දෙනු ලැබුවේ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.පී වික්‍රමසේකර USP psc විසිනි.

මෙම සංචාරයේදී දූත පිරිස 2023 සැප්තැම්බර් 05 වැනි දින ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති සහ ASEAN අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා හමුවිය. ඉන්දුනීසියාවේ ඉතිහාසය, ආර්ථිකය, දේශපාලන තත්ත්වය සහ සත්කාරක රට පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමට සිසුන්ට ප්‍රයෝජනවත් වූ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව තානාපතිවරයා නියෝජිත පිරිස දැනුවත් කළේය.

අධ්‍යයන චාරිකාව අතරතුර නියෝජිත පිරිස ත්‍රිවිධ හමුදා මූලස්ථානය (NI), වෙරළාරක්ෂක මූලස්ථානය, වෙළඳ අමාත්‍යාංශය, යුධ මාණ්ඩලික විද්‍යාලය (SESKOAD), නාවික හමුදාව (SESKOAL) සහ ගුවන් හමුදාව (SESKOAU), ඉන්දුනීසියානු අභ්‍යවකාශ කර්මාන්තය (PT DI) සහ බැන්ඩුං හි ආසියා අප්‍රිකානු සම්මන්ත්‍රණ ශාලාව යන ස්ථානවල සංචාරය කළහ.

මෙම සංචාරය මගින් විශේෂයෙන්ම වෘත්තීය හමුදා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පහසු විය. ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම සංචාරය සම්බන්ධීකරණය කළේය.

ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය

ජකර්තා

2023 සැප්තැම්බර් 19

  

Print Friendly, PDF & Email
Please follow and like us:

Close