සූඩාන ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

සූඩාන ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

06

 

සිරාජුද්දීන් හමීද් යූසිෆ් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව සූඩාන ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකාවේ සූඩාන ජනරජයේ නව තානාපතිවරයා ලෙස අහමද් යූසිෆ් මොහොමද් එල්සිද්දිග් මැතිතුමා පත් කර ඇත. 2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළේය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ඔක්තෝම්බර් 03 වැනිදා

 

15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close