ක්‍රොඒෂියාවේ නව තානාපතිවරයාගේ පත්වීම

ක්‍රොඒෂියාවේ නව තානාපතිවරයාගේ පත්වීම

Image _Croatia

අමිර් මුහරේමි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ක්‍රොඒෂියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ක්‍රොඒෂියානු තානාපතිවරයා ලෙස පෙටාර් ලුබිචිච් මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 දෙසැම්බර් 03 වැනිදා

Please follow and like us:

Close