සැම්බියානු ජනරජයේ නව මහකොමසාරිස්වරියගේ පත්වීම

සැම්බියානු ජනරජයේ නව මහකොමසාරිස්වරියගේ පත්වීම

Zambia

බ්‍රිගේඩියර් ජනරාල් (විශ්‍රාමික) පැට්‍රික් රුමෙද්යෝ තෙම්බෝ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය  ඇතිව සැම්බියානු ජනරජය  විසින් ශ්‍රී ලංකාවේ  නව මහකොමසාරිස්වරිය ලෙස ජුඩිත් කන්ග්'ඔමා කපිජිම්පන්ගා මහත්මිය පත් කොට ඇත. 2018 සැප්තැම්බර් 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රදානය කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 සැප්තැම්බර් 06 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close