ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ටොරොන්ටෝ හි පැවති SIAL වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිත පිරිස සඳහා ජාලකරණ වසටහනක් සංවිධානය කරයි

ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ටොරොන්ටෝ හි පැවති SIAL වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිත පිරිස සඳහා ජාලකරණ වසටහනක් සංවිධානය කරයි

 ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කැනඩා-ශ්‍රී ලංකා ව්‍යාපාරික සම්මේලනය (CSLBC) සමඟ එක්ව, 2023 මැයි 9 සිට 11 දක්වා ටොරොන්ටෝ හිදී පැවති උතුරු ඇමරිකාවේ විශාලතම ආහාරපාන වෙළඳ ප්‍රදර්ශනය වන SIAL වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ විසිපස් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳහා ජාලකරණ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වී ය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිස මෙහිදී ශ්‍රී ලාංකික ආහාරපාන නිෂ්පාදන 500කට අධික ප්‍රමාණයක් හඳුන්වා දුන් අතර තෙදිනක් මුළුල්ලේ පැවති මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලොව පුරා නරඹන්නන් 8,000කට අධික පිරිසක් සහභාගී වූහ.

විශේෂයෙන් කාබනික ආහාරපාන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කැනඩා-ශ්‍රී ලංකා ව්‍යාපාරික සම්මේලනයේ සාමාජිකයින් සමඟ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමටත්, තම අදහස් හුවමාරු කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසට මෙම ජාලකරණ වැඩසටහන හරහා අවස්ථාව උදා විය.

රැස්ව සිටි පිරිස ඇමතූ කොන්සල් ජනරාල්වරයා, කැනඩාව යනු මිලියන 40 ක ජනගහනයක් සහිත සහ ඇමරිකානු  ඩොලර් 45000.00 ක ඒක පුද්ගල ආදායමක් සහිත පාරිභෝගික පදනමක් සතු අභියෝගාත්මක සහ ප්‍රතිලාභදායක වෙළඳපොළක් බව සඳහන් කළේ ය. කැනඩාවේ පවතින ආන්තික දේශගුණික තත්ත්වය හේතුවෙන් නිවර්තන කලාපීය රටවල උසස් තත්ත්වයේ නව්‍ය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සුවිශේෂී වෙළඳපොළක් නිර්මාණය වී ඇත. සංක්‍රමණික ජනගහනය ඉහළ යාමත් සමඟ සිදු වන පාරිභෝගික මිලදී ගැනීම්වල වැඩි වීම හේතුවෙන් කැනේඩියානු පාරිභෝගික වෙළඳපොළ ද වාර්ෂිකව වැඩිදියුණු වේ. ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින්ට ඔරොත්තු දෙන ව්‍යාපාරික හවුල්කාරිත්වයන් හරහා ගතිකත්වයෙන් යුත් කැනේඩියානු වෙළඳපොළට පිවිසීමට ඉවහල් වන අමතර වාසියක් මැනවින් ස්ථාපිතව ඇති මෙම කැනේඩියානු ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවන් හරහා නිර්මාණය වන බවද කොන්සල් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේ ය.

රැස්ව සිටි පිරිස ඇමතූ CSLBC හි සභාපති කුලා සෙල්ලදුරෛ මහතා, කැනේඩියානු වෙළඳපොළ තුළ භාවිතයට නොගත් විභවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා තවදුරටත් ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවන් සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට සිය ව්‍යාපාරික සම්මේලනය කැමැත්තෙන් පසුවන බව ප්‍රකාශ කළේ ය. CSLBC හි සභාපති ගනේසන් සුගුමාර්, විධායක අධ්‍යක්ෂ එලන්කෝ රත්නසභාපතේ යන මහත්වරු සහ ව්‍යාපාරික සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මෙම ජාලකරණ අවස්ථාව සඳහා සහභාගී වූහ.

 ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ටොරොන්ටෝ

2023 මැයි 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close