මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය  ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ආයතනයේ පීඨ සාමාජිකයන් සහ පශ්චාද් උපාධි සිසුන් සඳහා වැඩසටහනක් පවත්වයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය  ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ආයතනයේ පීඨ සාමාජිකයන් සහ පශ්චාද් උපාධි සිසුන් සඳහා වැඩසටහනක් පවත්වයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා 2023 ජනවාරි 24 වැනි දින, මුම්බායි හි ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ආයතනයේ (IIDL) සිසුන් 31 දෙනෙකු සහ පීඨ සාමාජිකයන් 06 දෙනෙකු ඇමතී ය. මුම්බායි හි පිහිටි කීර්තිමත් ආයතනයක් වන ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ආයතනය යනු නායකත්වය, දේශපාලනය සහ පාලනය පිළිබඳ පශ්චාද් උපාධි පාඨමාලා පිරිනමන ආයතනයකි.

කොන්සල් ජනරාල්වරයාගේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉතා ක්‍රියාශීලී අන්තර්ක්‍රියාකාරී සැසියක් පැවැත්විණි. දූත මණ්ඩල පරිශ්‍රයේ දී පිරිනමන දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව මෙම සැසිය අවසන් කෙරිණි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2023 පෙබරවාරි 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close