විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා කුටියක් INFOTEL 2017 ප්‍රදර්ශනයේ 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා කුටියක් INFOTEL 2017 ප්‍රදර්ශනයේ 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන INFOTEL 2017 ප්‍රදර්ශනයේදී  මහජනතාවට කොන්සියුලර් සේවාවන් සපයන කුටියක්  2017  නොවැම්බර් මස 02, 03, 04, 05 යන දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා එම සම්මන්ත්‍රණ ශාලාවේ  Block “C” හිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් (ප්‍රදූත) අංශය විසින් පවත්වනු ලැබේ.

ලේඛන සත්‍යාපනය කිරීමට අවශ්‍ය මහජනතාවට දුරස්ථ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය (e-DAS) ඔස්සේ කොන්සියුලර් සේවාවන් මෙහිදී ලබා දෙනු ඇත.

දුරස්ථ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය (e-DAS) පිළිබඳ වැඩි විස්තර http://www.mfa.gov.lk/index.php/en/consular-services/authentication-of-documents යන අන්තර්ජාල සබැඳිය ඔස්සේ ලබාගත හැකිය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2017 ඔක්තෝබර් 27


Please follow and like us:

Close