විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙහෙයවන ලද 8 වැනි සමෝධානික කොන්සියුලර් ජංගම සේවය අවසන් වේ

විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙහෙයවන ලද 8 වැනි සමෝධානික කොන්සියුලර් ජංගම සේවය අවසන් වේ

Figure 2

විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ද සහය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වර්ෂයේ දී අටවැනි වරටත් සමෝධානික කොන්සියුලර් ජංගම සේවයක් 2019 සැප්තැම්බර් මස 14 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්නා ලදී. මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල සමෝධානික කොන්සියුලර් ජංගම සේවා පවත්වා ඇත.

මෙම ජංගම සේවා අතරතුර දී, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් යූ.එල්. මොහොමඩ් ජවුහර් මහතා විසින් මහජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දී, ඒවාට විසඳුම් ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ නිලධාරීන් සමඟ, විදේශ රැකියා අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද සමෝධානික  කොන්සියුලර් ජංගම සේවයට සහභාගි විය.

මෙම දිස්ත්‍රික්කවල සහ අවට ප්‍රදේශවල ජනතාව වෙත සපයනු ලබන සේවාවන් අතරට, විදේශ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා ලේඛන සහතික කිරීම, විදේශ රටවල අතරමංව සහ රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වලට සහය ලබා දීම, විදේශ රටවලදී සිදු වූ උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීම, වන්දි ලබා දීම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් සහය වීම සහ විදේශ රටවලින් පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමට සහාය වීම යනාදිය ද ඇතුළත් වේ.

 ‘රට වෙනුවෙන් එකට සිටිමු’ යන ජාතික වැඩසටහන යටතේ මෙ‍ම වසරේ දී අම්පාර, මඩකලපුව, මුලතිව්, මොණරාගල, දිවුලපිටිය සහ යාපනය යන ප්‍රදේශවලදී පවත්වන ලද ජංගම සේවාවන් සඳහා ද මෙම අමාත්‍යාංශය සහභාගී විය. මෙම වැඩසටහන යටතේ දිවුලපිටියේ දී පැවැත්වූ ජංගම සේවයට සහභාගී වූ විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටිය නැරඹීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට ද සහභාගී විය.

මෙ‍ම වසරේ දී මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති ‘රාජ්‍ය සේවය ගමට ගෙන යන ජනතා සේවය’ ජාතික වැඩසටහන සහ අනුරාධපුරයේ දී සහ යාපනයේ දී පවත්වන ලද ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ද මෙම අමාත්‍යාංශය විසින් ජංගම සේවාවන්  පවත්වන ලදී.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
19 සැප්තැම්බර් 2019
Figure 6
Figure 1
Print Friendly, PDF & Email
Please follow and like us:

Close