විදේශ කටයුතු අමාත්‍යාංශය අම්පාර දිස්ත්‍රික්කයෙහි ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි  

විදේශ කටයුතු අමාත්‍යාංශය අම්පාර දිස්ත්‍රික්කයෙහි ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි  

Image 02

‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහන යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ ජංගම කොන්සියුලර් සේවාවක් 2019 මැයි මස 10 වැනි දින පවත්වනු ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහය ඇතිව 2019 මැයි 11 වැනි දින අම්පාර උහන මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති වැඩසටහන්හි ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහාද අමාත්‍යාංශය සහභාගී විය.

මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීම සඳහා සෙසු අමාත්‍යාංශ ඇතුළුව විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ලබා දුන් දායකත්වය  ප්‍රගති සමාලෝචන රැස්වීමෙහි වාර්තාව මඟින් ප්‍රශංසාවට ලක් විය.

අම්පාර දිස්ත්‍රික්කයේ සංක්‍රමණික සේවකයන් වැඩිම පිරිසක් සිටින දෙහිඅත්තකණ්ඩිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයෙහි මහජනතාවට මෙම ජංගම සේවාව මඟින් ලියකියවිලි සත්‍යාපනය කිරීම; විදේශයන්හි අතරමං වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීම; විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අයත් රටවල සිටින ශ්‍රී ලංකික පුදගලයන්ගේ උපත්, විවාහ, මරණ ලියාපදිංචි පිළිබඳ තොරතුරු ලබාගැනීම; ශ්‍රී ලංකික සංක්‍රමණිකයන්ගේ වැටුප්, වන්දි, නෛතික හා රක්ෂණ හිඟයන් ලබාගැනීම සම්බන්ධ සේවාවන් මෙන්ම විදේශයන්හිදී මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත ශරීර මෙරටට ගෙන්වා ගැනීම වැනි විවිධ සේවාවන් රැසක් ඉටු කරගැනීමට හැකි විය.

‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහන හා සමගාමීව පුත්තලම සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි මීට ඉහතදී පැවැත්වූ වැඩසටහන් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහභාගි වූ අතර එම දිස්ත්‍රික්කවල ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසවල ජංගම කොන්සියුලර් සේවාවන් පැවැත්විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 14 වැනිදා

Image 01

Print Friendly, PDF & Email
Please follow and like us:

Close