‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන යටතේ මුලතිව්හිදී කොන්සියුලර් ජංගම සේවාවක්

‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන යටතේ මුලතිව්හිදී කොන්සියුලර් ජංගම සේවාවක්

Pic_1

මහජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් සහ තිරසර පිළියම් ලබාදීමේ අරමුණෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ පැවැත්වෙන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහනට විදේශ කටයුතු අමාත්‍යාංශය සිවුවැනි වරටත් සහභාගී විය.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරනු ලබන මෙම ජාතික වැඩසටහනේ කොටසක් වශයෙන්, 2019 ජූනි 07 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශය මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කොන්සියුලර් ජංගම සේවාවක් සංවිධානය කළ අතර, 2019 ජූනි මස 08 වැනි දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුලතිව් දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී විය.

‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහන යටතේ පවත්වනු ලබන කොන්සියුලර් ජංගම සේවාවන් හරහා සංක්‍රමණික සේවකයන් මුහුණ දෙන බොහෝ ගැටලුවලට විදේශ කටයුතු අමාත්‍යාංශය විසැඳුම් සපයා දෙන අතර, එය සංක්‍රමණික සේවකයන් නැවත සියරට රැගෙන ඒම් රැසකට පහසුකම් සපයා දී ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ජූනි 19 වැනිදා

Pic_2

Pic_3

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close