බේරූට් හි සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය අදහස් දක්වයි

බේරූට් හි සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය අදහස් දක්වයි

ඊයේ දින එනම් 2020 අගෝස්තු 4 වැනි දින බේරූට් හි විශාල පිපිරීමක් සිදුවී තිබේ.

මෙම පිපිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වී ඇති අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපේක්ෂාවෙන් සිටී. තොරතුරු ලැබුණු වහාම මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දෙනු ලැබේ.

මෙම හදිසි පිපිරීම හේතුවෙන් බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයට සහ තානාපති කාර්යාල නිලධාරීන්ගේ නිවෙස්වලට සුළු හානි සිදුවී තිබේ. කෙසේ වෙතත්, තානාපති කාර්යාලයේ නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.

ශ්‍රී ලාංකිකයන් 25,000 ක් පමණ සංඛ්‍යාවක් මේ වන විට ලෙබනනයේ වෙසෙන අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  හදිසි ක්ෂණික ඇමතුම් සේවය ‍ පැය 24 පුරා විවෘතව පවතියි.

සම්බන්ධතා තොරතුරු පහත පරිදි වේ:

දුරකථන: +961 5769585

විද්‍යුත් තැපෑල: slemb.beirut@mfa.gov.lk

 

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2020 අගෝස්තු 5 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close