ෆ්‍රෑන්ක්ෆර්ට් හි  ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් නත්තල් ආශීර්වාද වැඩසටහනක් සංවිධානය කරයි

ෆ්‍රෑන්ක්ෆර්ට් හි  ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් නත්තල් ආශීර්වාද වැඩසටහනක් සංවිධානය කරයි

ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2020 දෙසැම්බර් 21 වැනි දින සූම් තාක්ෂණය හරහා නත්තල් ආශිර්වාද වැඩසටහනක් සංවිධානය කළේය.

ෆ්‍රැන්ක්ෆර්ට් හි ශාන්ත ලියොන්හාර්ඩ් දේවස්ථානයේ ක්‍රිස්ටියන් එන්කෙ පියතුමා වීඩියෝ පණිවිඩයක් මඟින් ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය ආශිර්වාදය හා යාච්ඤා පිරිනැමුවේය. මෙම වීඩියෝ පණිවුඩයෙන් පසුව ෆ්‍රැන්ක්ෆර්ට් හි හෝලි ක්‍රොස් පල්ලියේ ඕර්ගන් වාදක විසින් සම්භාව්‍ය නත්තල් ගීත වාදනය කරන ලදී.

කොන්සල් ජනරාල් කාර්යාලයේ නත්තල් ආශිර්වාදයෙන් අනතුරුව කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් නත්තල් යාච්ඤා අභිප්‍රායන් කියවන ලදී. මෙම අභිප්‍රායයන්ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට මෙන්ම සහ වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට ද ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

මෙම නත්තල් ආශීර්වාද අවසන් වූයේ නත්තල් භක්ති ගීත ගායනා කිරීමෙනි. ඉන් අනතුරුව, කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් පුද්ගලිකව සකස් කරන ලද, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කළ විශේෂ ආයුර්වේද ඖෂධ ඇසුරුම් සමඟ ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් ලංකා තේ වර්ග රැසක් සහිත තෑගි පාර්සල් යවමින්, කොන්සල් ජෙනරාල් මදුරිකා ජෝශප් වෙනින්ගර් මහත්මිය සහභාගී වූවන් හට ශුභ ප්‍රාර්ථනා  එක් කළාය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය
ෆ්‍රෑන්ක්ෆර්ට්

 

2020 දෙසැම්බර් 30 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close