ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ටොස්කානා චිත්‍රපට කොමිසම අතර සහයෝගිතාවය ඇති කිරීමට  කලාපයේ  ජනාධිපතිවරයා එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ටොස්කානා චිත්‍රපට කොමිසම අතර සහයෝගිතාවය ඇති කිරීමට  කලාපයේ  ජනාධිපතිවරයා එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ටොස්කානා චිත්‍රපට කොමිසම අතර සහයෝගිතාවය ඇති කිරීමටත් එමගින් දෙරටේ චිත්‍රපට කර්මාන්තය වැඩි දියුණු කීරිමට සහය දීමටත්  ටොස්කානා කලාපයේ  ජනාධිපතිවරයාගේ එකඟතාව  පල කර තිබේ. ටොස්කානා හි ශ්‍රී ලංකා තානාපති  සිසිර සෙනෙවිරත්න මහතා, 2021 ජුනි 05 වැනි දින ෆ්ලෝරන්ස් හි පියසා ඩුඕමෝ හිදී ටොස්කානා කලාපයේ ජනාධිපති ඉයුජීනියෝ ජියානෝ මැතිතුමා හමුවී එම කලාපය සමඟ සංස්කෘතික, සමාජ, ආර්ථික හා සංචාරක යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව කරන ලද සාකච්ඡාවේ දී මෙම එකඟතාව පල වී තිබේ. ඉතාලි ජනරජයේ වංශාධිපති සහ කොන්ෆින්ඩස්ට්‍රියා ෆිරෙන්සෙ හි උප සභාපති ලැපෝ බාරොන්සෙලි මහතා ද මෙම රැස්වීමට සහභාගී විය. වැඩබලන සිසිර සෙනෙවිරත්න මහතා, 2021 ජුනි 05 වැනි  දින ෆ්ලෝරන්ස් හි පියසා ඩුඕමෝ හිදී ටොස්කානා කලාපයේ ජනාධිපති ඉයුජීනියෝ ජියානෝ මැතිතුමා හමුවී එම කලාපය සමඟ සංස්කෘතික, සමාජ, ආර්ථික හා සංචාරක යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදි.ඉතාලි ජනරජයේ වංශාධිපති සහ කොන්ෆින්ඩස්ට්‍රියා ෆිරෙන්සෙ හි උප සභාපති ලැපෝ බාරොන්සෙලි මහතා ද මෙම රැස්වීමට සහභාගී විය.

රැස්වීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව ටොස්කානා හි ජනාධිපතිතුමාට ස්තූති කරන අතරතුරදී, ටොස්කානා කලාපය තුළ ශ්‍රී ලංකා ප්‍රජාව විශාල වශයෙන් සිටීම සහ ඔවුන්ගේ සාමකාමී සහජීවනය හා සමාජය තුළ ඒකාබද්ධ වීම පිළිබඳව වැඩබලන තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුවත් කළේය.විශේෂයෙන් කොඩිඩ්-19 වසංගත කාලය තුළ දී ටොස්කානා හි ශ්‍රී ලංකා ප්‍රජාවේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දීම පිළිබඳව ඔහු කලාපීය ජනාධිපතිවරයාට සහ පළාත් පාලන ආයතනයට සිය කෘතඥතාව පළ කළේය.

තවද, එම කලාපය සමඟ සංස්කෘතික, සමාජ, ආර්ථික හා සංචාරක යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම වැඩබලන තානාපතිවරයා විසින් අවධාරණය කරන ලදී. ඔහු දෙරටේ අදාළ ආයතන අතර සංස්කෘතික සහයෝගීතාව ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සහාය ඉල්ලා සිටියේය.

ටොස්කානා කලාපයේ ජනාධිපතිවරයා එවැනි මුල පිරීම් සඳහා සිය සහයෝගය පළ කළ අතර, ශ්‍රී ලංකාවේ අදාළ ආයතන සමඟ එවැනි සහයෝගීතාවයකට එළඹීමේ හැකියාව සොයා බැලීමට කලාපයේ අදාළ බලධාරීන් යොමු කිරීමට එතුමා එකඟ විය. තවද, කලාපයේ ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට සහ ඔවුන්ගේ සමාජ යහපැවැත්මට සහයෝගය දැක්වීමට එතුමා සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

වැඩබලන තානාපතිවරයා ෆ්ලෝරන්ස් හි නිරත වූ සංචාරයේ දී, සංස්කෘතික, විලාසිතා, මෝස්තර සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කොමියුන් ඩි ෆිරෙන්සෙ හි නියෝජ්‍ය නගරාධිපති ටොම්මාසෝ සාචි මහතා ද ෆ්ලෝරන්ස් හි පලසෝ වෙචියෝ හිදී හමුවී, ශ්‍රී ලංකාවේ සහ ෆ්ලෝරන්ස් හි ආයතන අතර සංස්කෘතික සහයෝගීතාව ආරම්භ කිරීම පිළිබඳ සාර්ථක සාකච්ඡාවක නිරත විය. සිනමා කර්මාන්තය, කලා, සංචාරක, කෞතුකාගාරය, යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන ආදී ක්ෂේත්‍රවල සහයෝගීතාවය පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ අදාළ ආයතන සමඟ සංස්කෘතික සහයෝගීතාව ඇති කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා සිය පූර්ණ සහය හා සහයෝගීතාව ප්‍රකාශ කළේය. මෙම සංචාරයේ දී වැඩබලන තානාපතිවරයා විසින් 2021 ජුනි 05 වැනි දින ෆිරෙන්සෙ පළාතේ ක්වෙස්ටෝර් හි ආචාර්ය ෆිලිපෝ සැන්ටරෙලි මහතා ද හමුවී ෆ්ලෝරන්ස් හි ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෝමය

2021 ජුනි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close