දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය චිත්‍රපටයක්  අන්කාරා හි දී ප්‍රදර්ශනය කරයි

තුර්කියේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ඉතිහාසයේ ප්‍රථම වරට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ තුර්කියේ සිනමා අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ ...

“ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ කලාව උද්‍යෝගිමත් ඉවුම් පිහුම් වික්‍රමයකි” බ්‍රසල්ස් හි තානාපති ආසිර්වාදම් මැතිණිය ප්‍රකාශ කරයි

ලොව පුරා රටවල් 60කට අධික ප්‍රමාණයකට අයත් ආහාරපාන වට්ටෝරු 200ක් අඩංගු වූ “Lockdown Journeys” නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී දේශනයක් පැවැත්වීම සඳහා බෙල්ජියමේ, යුරෝපා සංගමයේ සහ ලක්සම්බර්ග්හි ශ්‍ර ...

ශ්‍රී ලංකාවේ මැණික් ආර්මේනියාව වෙත හඳුන්වා දෙයි

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ ආර්මේනියානු නිර්වේතනික කොන්සල්වරයා වන සර්ජිස් ටාවර්ඩ්යන් මහතා සමඟ එක්ව දෙරටේ කර්මාන්ත පාර්ශ්ව ...

අබුඩාබි හි පැවති 5 වැනි ඉන්දියානු සාගර සමුළුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වන විනාශය සහ ෆොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

 අබුඩාබි හි පැවති 5 වැනි ඉන්දියානු සාගර සමුළුවට (IOC 2021) සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 දෙසැම්බර් 3-5 යන දිනවල එක්සත් අරාබි එමීර් රාජයේ නිල සංචාරයක නිරත විය. 2021 ඉන්දියානු සාගර සමුළුවේ මුලසුන ...

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ඇරයුමක් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 01 සිට 02 දක්වා නවදිල්ලි නුවර සාර්ථක දෙදින නිල සංචාරයක නිරත විය. ඉකුත් ජූල ...

ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය විදේශ රටවල තානාපතිවරුන් 19 දෙනෙකු සමඟ එක්ව 2021 දෙසැම්බර් 01 වැනි දින රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා වෙත සිය අ ...

ගුවැන්ෂූ තේ ප්‍රදර්ශනයේ දී ‘සිලෝන් තේ’ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි වෙත චීන අමුත්තන් ආකර්ෂණය වෙයිගුවැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය චීන තේ අලෙවිකරණ සංගමයේ සහ ගුවන්ග්දොන් තේ වෘත්තිකයින්ගේ සංගමයේ සත්කාරකත්වයෙන් 2021 නොවැම්බර් 25 සිට 29 දින දක්වා පැවැත්වුණු තේ අලෙවි ප්‍රදර්ශනය සඳහා චීනයේ පිහිටි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලංකා තේ නිෂ්පාදන සමාගම් 5ක සහභාගීත්වය සංවිධානය කළේය. මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී ‘සිලෝන් තේ’ ප්‍රභේද ප්‍රදර්ශනය කිරීමෙන් සහ ඒවායේ අද්විතීය සම්භවය සහ ගුණාත්මකභාවය පිළිබඳ විස්තර කිරීමෙන් අනතුරු ව සහභාගීවූවන් හට සිලෝන් තේ අලෙවි කරනු ලැබිණි. සිලෝන් තේ රස විඳීමටත් මිලදී ගැනීමටත් ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි අමුත්තන් බොහොමයක් දිරිගන්වමින් තේ ආශ්‍රිත ශ්‍රී ලාංකීය කෙටි ආහාර නිෂ්පාදන සමඟ තේ සාම්පල රස බැලීමට මෙහි දී අවස්ථාව හිමි විය. එසේම ශ්‍රී ලංකා සමාගම්වලට තේ සඳහා වන ගැනුම්කරුවන් කිහිප දෙනෙකු සොයා ගැනීමටත් දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් සහ අනෙකුත් තේ ආශ්‍රිත ආයතන සමඟ සබඳතා ගොඩ නගා ගැනීමටත් මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී හැකියාව ලැබිණි. පසුගිය වර්ෂවල පැවැත්වූ තේ ප්‍රදර්ශන සඳහා ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ නිෂ්පාදන සමාගම් විසින් ශ්‍රී ලංකා තේ නියෝජනය කරමින් කිහිප වරක් ම සහභාගී වී ඇත. වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වූ ගුවැන්ෂූ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අතර ගෝලීය තේ වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගෝලීය තේ වෙළඳ ප්‍රදර්ශනයේ නියෝජිතවරිය වන මා චිලෑන් වැනි ප්‍රකට අමුත්තන් සමඟ සුහද සබඳතා පැවැත්වීය. මෙම ගුවැන්ෂූ තේ ප්‍රදර්ශනය ජාත්‍යන්තර තේ සමාගම් අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙන් ම ඔවුනොවුන්ගේ තේ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් නව වෙළඳපල ගවේෂණය කිරීම සඳහා පවත්වනු ලබන දේශීය හා ජාත්‍යන්තර වේදිකාවන් සහිත වෘත්තීය ප්‍රදර්ශනයකි. 2003 වසරේ සිට වාර්ෂික ව පැවැත්වෙන මෙම අලෙවි ප්‍රදර්ශනය දකුණු චීනයේ පැවැත්වෙන දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස ඉහළ පිළිගැනීමක් පවතී. වෘත්තීය ගැනුම්කරුවන් සහ අමුත්තන් 750,000කට අධික පිරිසක් සමඟින් ප්‍රමුඛ දේශීය සහ ජාත්‍යන්තර තේ සමාගම් 1000කට ආසන්න ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනය සඳහා සහභාගි වූහ. නේපාලය, වියට්නාමය සහ ලාඕසයේ ජාත්‍යන්තර සමාගම් ද මෙම තේ ප්‍රදර්ශනයට සහභාගී විය. ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ගුවැන්ෂූ 2021 දෙසැම්බර් 07 වැනි දින

ගුවැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය චීන තේ අලෙවිකරණ සංගමයේ සහ ගුවන්ග්දොන් තේ වෘත්තිකයින්ගේ සංගමයේ සත්කාරකත්වයෙන් 2021 නොවැම්බර් 25 සිට 29 දින දක්වා පැවැත්වුණු තේ අලෙවි ප්‍රදර්ශනය සඳහා චී ...

Close