දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ඇරයුමක් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 01 සිට 02 දක්වා නවදිල්ලි නුවර සාර්ථක දෙදින නිල සංචාරයක නිරත විය. ඉකුත් ජූල ...

ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය විදේශ රටවල තානාපතිවරුන් 19 දෙනෙකු සමඟ එක්ව 2021 දෙසැම්බර් 01 වැනි දින රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා වෙත සිය අ ...

ගුවැන්ෂූ තේ ප්‍රදර්ශනයේ දී ‘සිලෝන් තේ’ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි වෙත චීන අමුත්තන් ආකර්ෂණය වෙයිගුවැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය චීන තේ අලෙවිකරණ සංගමයේ සහ ගුවන්ග්දොන් තේ වෘත්තිකයින්ගේ සංගමයේ සත්කාරකත්වයෙන් 2021 නොවැම්බර් 25 සිට 29 දින දක්වා පැවැත්වුණු තේ අලෙවි ප්‍රදර්ශනය සඳහා චීනයේ පිහිටි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලංකා තේ නිෂ්පාදන සමාගම් 5ක සහභාගීත්වය සංවිධානය කළේය. මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී ‘සිලෝන් තේ’ ප්‍රභේද ප්‍රදර්ශනය කිරීමෙන් සහ ඒවායේ අද්විතීය සම්භවය සහ ගුණාත්මකභාවය පිළිබඳ විස්තර කිරීමෙන් අනතුරු ව සහභාගීවූවන් හට සිලෝන් තේ අලෙවි කරනු ලැබිණි. සිලෝන් තේ රස විඳීමටත් මිලදී ගැනීමටත් ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි අමුත්තන් බොහොමයක් දිරිගන්වමින් තේ ආශ්‍රිත ශ්‍රී ලාංකීය කෙටි ආහාර නිෂ්පාදන සමඟ තේ සාම්පල රස බැලීමට මෙහි දී අවස්ථාව හිමි විය. එසේම ශ්‍රී ලංකා සමාගම්වලට තේ සඳහා වන ගැනුම්කරුවන් කිහිප දෙනෙකු සොයා ගැනීමටත් දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් සහ අනෙකුත් තේ ආශ්‍රිත ආයතන සමඟ සබඳතා ගොඩ නගා ගැනීමටත් මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී හැකියාව ලැබිණි. පසුගිය වර්ෂවල පැවැත්වූ තේ ප්‍රදර්ශන සඳහා ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ නිෂ්පාදන සමාගම් විසින් ශ්‍රී ලංකා තේ නියෝජනය කරමින් කිහිප වරක් ම සහභාගී වී ඇත. වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වූ ගුවැන්ෂූ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අතර ගෝලීය තේ වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගෝලීය තේ වෙළඳ ප්‍රදර්ශනයේ නියෝජිතවරිය වන මා චිලෑන් වැනි ප්‍රකට අමුත්තන් සමඟ සුහද සබඳතා පැවැත්වීය. මෙම ගුවැන්ෂූ තේ ප්‍රදර්ශනය ජාත්‍යන්තර තේ සමාගම් අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙන් ම ඔවුනොවුන්ගේ තේ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් නව වෙළඳපල ගවේෂණය කිරීම සඳහා පවත්වනු ලබන දේශීය හා ජාත්‍යන්තර වේදිකාවන් සහිත වෘත්තීය ප්‍රදර්ශනයකි. 2003 වසරේ සිට වාර්ෂික ව පැවැත්වෙන මෙම අලෙවි ප්‍රදර්ශනය දකුණු චීනයේ පැවැත්වෙන දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස ඉහළ පිළිගැනීමක් පවතී. වෘත්තීය ගැනුම්කරුවන් සහ අමුත්තන් 750,000කට අධික පිරිසක් සමඟින් ප්‍රමුඛ දේශීය සහ ජාත්‍යන්තර තේ සමාගම් 1000කට ආසන්න ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනය සඳහා සහභාගි වූහ. නේපාලය, වියට්නාමය සහ ලාඕසයේ ජාත්‍යන්තර සමාගම් ද මෙම තේ ප්‍රදර්ශනයට සහභාගී විය. ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ගුවැන්ෂූ 2021 දෙසැම්බර් 07 වැනි දින

ගුවැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය චීන තේ අලෙවිකරණ සංගමයේ සහ ගුවන්ග්දොන් තේ වෘත්තිකයින්ගේ සංගමයේ සත්කාරකත්වයෙන් 2021 නොවැම්බර් 25 සිට 29 දින දක්වා පැවැත්වුණු තේ අලෙවි ප්‍රදර්ශනය සඳහා චී ...

 ඇමරිකා එක්සත් ජනපදය සඳහා  නම්  කරන ලද ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගනියි

ඇමරිකා එක්සත් ජනපදය සඳහා  නම්කළ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා 2021 දෙසැම්බර් 2 වැනි දින වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. නම්කළ තානාපතිතුමා ...

ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නව කාර්යාල පරිශ්‍රය අංක ON M4P 3A1, ටොරොන්ටෝ, 01වන නැගෙනහිර එලින්ටන් මාවතේ දී උත්සවශ්‍රීයෙන් යළි විවෘත වේ

අංක ON M4R 1A1, ටොරොන්ටෝ, 36වන බටහිර එලින්ටන් මාවතේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, අංක ON M4P 3A1, ටොරොන්ටෝ, 01වන නැගෙනහිර එලින්ටන් මාවත වෙත ගෙන යනු ලැබිණි. මෙම කාර්යාලයීය විතැන් වීම විදෙස්ගත ශ්‍ ...

“ශ්‍රී ලංකා දිනය – 2021” (Sri Lankan Day) පොත් සහ සංස්කෘතික ප්‍රදර්ශනය

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රුසියානු රාජ්‍ය පුස්තකාලය (RSL) සමඟ එක් ව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සිලෝන් තේ, සංචාරක ව්‍යාපාරය සහ ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළක් ප්‍රවර් ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාව සමඟ පුළුල් ආරක්ෂක සහයෝගීතාවක් අපේක්ෂා කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මැතිතුමා සමඟ නොවැම්බර් 30 දින නවදිල්ලි නුවර දී පැවැත්වූ සාකච්ඡාවක දී ඉන්දියාව සමඟ පවත්නා ආරක්ෂක ...

Close