දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

තුර්කියේ අභ්‍යවකාශ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර සබඳතා පිහිටුවා ගනී

ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) සහ තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමිය (TAI) අතර සහයෝගීතාව ඇති කිරීම සඳහා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක වි ...

ශ්‍රී ලාංකික ලේඛකයන් විසින් රචිත ග්‍රන්ථ එකතුවක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලය වෙත තිළිණ කෙරේ

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කෙරෙන සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් තවදුරටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකීය ලේඛකයින් විසින් රචනා කරන ලද ළමා කෘති අනූ දෙකක ...

2022 පෙබරවාරි මස 04 වැනි දින මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල චාන්සරි පරිශ්‍රයේ දී චාම් වූත් විචිත්‍ර වූත් ජාතික ධජය එසවීමේ උත්සවයක් පවත්වමින් ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සංවත්සරය සැමරීය. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් උත්සවය ආරම්භ විය. අපේ මාතෘභූමියේ නිදහස යළි ලබා ගැනීම මෙන්ම එහි ස්වෛරීභාවය සහ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම උදෙසා දිවි පිදූ සහ කැපකිරීම් කළ පිරිස් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කර උපහාර පුද කරනු ලැබීය. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් යන ආගම්වලට අයත් ආගමික ප්‍රභූවරුන් විසින් ශ්‍රී ලංකාවේ සමෘද්ධිය පතා ආශිර්වාද කෙරිණි. ශ්‍රී ලාංකීය සම්ප්‍රදායට අනුකූලව, මහකොමසාරිස්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා  සැමරුම් උත්සවය චාරිත්‍රානුකූලව සනිටුහන් කරන ලදී. එදින කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේ සජීවී විකාශය මෙම අවස්ථාවේ දී සජීවීව විකාශනය කෙරිණි. ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් භුක්ති විඳින නිදහස සහ සාමය පහසුවෙන් අත්කරගත් දෙයක් නොවන බව උත්සව සභාව අමතමින් සඳහන් කළ මහ කොමසාරිස්වරයා ජාති ආගම් භේද නොතකා අත්‍යන්ත පරිත්‍යාගයන් කිරීමට එකළ ලංකා මාතාවගේ අභීත දූ පුතුන්ට  සිදු වූ බව ප්‍රකාශ කළේය. මාතෘභූමියේ ස්වෛරීභාවය සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේ සිය රාජකාරියේ දී උත්තම පරිත්‍යාගයන් සිදු කළ පුද්ගලයින් වෙනුවෙන් එතුමා සිය උපහාරය ද පුද කළේය. තවද, ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රත්‍යක්ෂ නායකත්වය යටතේ, විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්ති රාමුවක් වන “සෞභාග්‍යයේ දැක්ම” සහ නිෂ්පාදන ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට සමගාමීව, සිය ආර්ථික දුෂ්කරතා ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි නම් කරන ලද මහ කොමසාරිස්වරයා තම දැඩි විශ්වාසය පළ කළේය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් මෙම උත්සවයේ වැඩ කටයුතු සිදු කෙරුණු අතර මැලේසියාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කර ගැනීම සඳහා මහකොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව හරහා මෙම උත්සවය සජීවීව විකාශය කරන ලදී. ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ක්වාලාලම්පූර් 2022 පෙබරවාරි මස 18 වැනි දින

2022 පෙබරවාරි මස 04 වැනි දින මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල චාන්සරි පරිශ්‍රයේ දී චාම් වූත් විචිත්‍ර වූත් ජාතික ධජය එසවීමේ උත්සවයක් පවත්වමින් ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සංවත්සරය සැ ...

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ටෙහෙරානයේ දී ක්‍රීඩා සහයෝගිතා උත්සවයක් සංවිධානය කරයි

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාන ටෙනිස් සම්මේලනයේ සහයෝගය ද සහිතව, 2022 පෙබරවාරි 10 වැනි දින ටෙහෙරානයේ පිහිටි සිය චාන්සරි පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා-ඉරාන ක්‍රීඩා සහයෝගිතා වැඩසටහනක් සං ...

සිංගප්පූරුවේ පැවති නිදහස් දින සැමරුම 

ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී සරල උත්සවයක් ලෙස පවත්වන ලදී. මෙම අවස්ථාවේදී අදහ ...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම

අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 පෙබරවාරි මස 04 වැනි දින අබුඩාබි හි චාන්සරි පරිශ්‍රයේදී නිල උත්සවයක් පවත්වමින් ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සනිටුහන් කළේය. එක්සත් අරාබි ...

ශ්‍රී ලංකාව සහ බෙලරුසය ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරයි

බෙලරුස් ජනරජයට එකඟව අක්ත ගැන්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය 2022 පෙබරවාරි මස 02-05 අතර දිනයන්හි දී පැවැත්වූ සිය නිල සංචාරයේදී බෙලරුසියානු බලධාරීන් සමඟ රැස්වීම් ගණනාවක් පැවැත්වී ...

Close