ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඔස්ට්‍රියානු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් කැතරිනා වයිසර් මැතිනිය ඔස්ට්‍රියානු ජනරජය විසින් පත් කරන ලදී. එතුමිය 2022 වර්ෂයේ පෙබරවාරි 01 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.00 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.
විදේශ අමාත්‍යංශය
කොළඹ
2022 පෙබරවාරි 03 වැනි දින
Please follow and like us: