ඕස්ට්‍රේලියානු-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ශ්‍රී ලංකා සංචාරක සංසදයක් සංවිධානය කරයි

ඕස්ට්‍රේලියානු-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ශ්‍රී ලංකා සංචාරක සංසදයක් සංවිධානය කරයි

ඕස්ට්‍රේලියානු-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය විසින් 2023 සැප්තැම්බර් 26 වැනි දින මෙල්බර්න් හි, මැනිංහැම් හෝටලයේ දී සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංචාරක සංසදයේ ආරාධිත කථිකයා ලෙස මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ මහතා සහභාගී වුවේය. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා 50 කට අධික සංචාරක නියෝජිතයින්, සංචාරක ක්‍රියාකරුවන්, හෝටල් හිමියන්, ආයෝජකයින් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ඩිල්කි පෙරේරා මහත්මිය මෙම සංසදයේ මුලසුන දැරුවා ය. සංචාරක හා ඉඩම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය දූත පිරිස පසුගිය දා සිදුකළ සංචාරය පිළිබඳ දැනුවත් කිරීම එහි අරමුණ විය.

දූත පිරිසගේ පර්ත්, සිඩ්නි සහ මෙල්බර්න් සංචාරය පිළිබඳව සහ මධ්‍යම සිට ඉහළ ආදායම් ලබන සංචාරකයින් ඉලක්ක කර ගැනීම සහ ශ්‍රී ලංකාව තුළ වඩාත් පරිපූර්ණ සංචාරක අත්දැකීමක් ලබා දීම ඇතුළුව පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමේ රජයේ යෝජිත සැලැස්ම කොන්සල් ජනරාල්වරයා විස්තර කළේය.

ප්‍රශ්නෝත්තර සැසියේ දී, සහභාගිවන්නන් වැදගත් කරුණු මතු කළ අතර, ඉදිරිපත් කරන ලද යෝජනා අදාළ ශ්‍රී ලංකා බලධාරීන් වෙත දැනුම් දීමට කොන්සල් ජනරාල්වරයා එකඟ වුවේය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මෙල්බර්න්

2023 ඔක්තෝබර් 13

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close