සවුදි අරාබිය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකී

සවුදි අරාබිය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකී

සවුදි අරාබියේ අබ්කායික් තෙල් පිරිසැකසුම් මධ්‍යස්ථානය සහ කුරයිස් තෙල් ආකර බිම ඉලක්ක කර ගත් ඩ්‍රෝන ප්‍රහාරයන් ශ්‍රී ලංකාව හෙළා දකී.

වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රටක් ලෙස, ශ්‍රී ලංකාව මෙම උවදුරේ සියලුම ආකාර හා එහි විද්‍යමානවීම් මැඬපැවැත්වීම සඳහා ඇප කැපවී කටයුතු කරයි.

මැදපෙරදිග කලාපයේ ස්ථායීතාවය, ගෝලීය ආර්ථිකය සඳහා අතිශයින් වැදගත් වන අතර, අදාළ පාර්ශ්ව තම ගැටලු සාමකාමී සාකච්ඡා හා සංවාද තුළින් හැකි ඉක්මනින් විසඳාගනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 සැප්තැම්බර් 24 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close