ශ්‍රී ලංකාවේ නව ලිබියානු රාජ්‍යයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ නව ලිබියානු රාජ්‍යයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ලිබියානු රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නසර් යෝනිස් අල්ෆුර්ජානි මැතිතුමා ලිබියානු රාජ්‍යය විසින් පත් කරන ලදී. එතුමා 2022 වර්ෂයේ පෙබරවාරි 25 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 4.00 ට  ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 පෙබරවාරි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close