ශ්‍රී ලංකාව සඳහා ටියුනීසියානු ජනරජයේ තානාපතිනිය පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ටියුනීසියානු ජනරජයේ තානාපතිනිය පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ටියුනීසියානු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් හයේට් ටැල්බි බිලේල් මැතිනිය ටියුනීසියානු ජනරජය විසින් පත් කර ඇත. එතුමිය 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close