ශ්‍රී ලංකාව සඳහා ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

   

ජර්මානු ෆෙඩරල් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින ජර්මානු ෆෙඩරල් ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ෆීලික්ස් නියුමාන් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 අගෝස්තු 23 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 අගෝස්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close