ස්ලොවේනියානු ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති ජෝසෆ් ඩ්රොෆනික් මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා ස්ලොවේනියානු ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය මාර්ජන් සෙන්සන් මැතිතුමා පත් කරනු ලැබ ඇත. 2020 ජනවාරි 20 වැනි දින පෙ.ව. 10.30ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී එතුමා විසින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනමන ලදී.
විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ 01
2020 ජනවාරි 20 වැනිදා
Please follow and like us: