ශ්‍රී ලංකාව සඳහා පේරු ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා පේරු ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

පේරු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා  නවදිල්ලි නුවර සිටින පේරු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ජැවියර් මැනුවෙල් වෙලාර්ඩ් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 ජූනි 30 වැනි දින පෙ.ව. 10.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close