ශ්‍රී ලංකාව සඳහා එක්සත් මෙක්සිකානු ජනපදයේ  තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා එක්සත් මෙක්සිකානු ජනපදයේ  තානාපතිවරයා පත් කිරීම

එක්සත් මෙක්සිකානු ජනපදයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන  නවදිල්ලි නුවර සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති මෙක්සිකානු  තානාපතිවරයා වශයෙන් ෆෙඩරිකෝ සාලාස් ලොට්ෆේ මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් 11 වැනි දින පෙ.ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 නොවැම්බර් 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close