කොරියානු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින කොරියානු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ලී මියොන් මැතිනිය පත් කර ඇත. එතුමිය 2023 ජූනි 30 වැනි දින පෙ.ව. 10.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.
විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඹ
2023 ජූලි 01 වැනි දින
Please follow and like us: