ශ්‍රී ලංකාව සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, මහජන චීන සමූහාණ්ඩුවේ රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස චී ජෙන්හොං මැතිතුමා පත් කර තිබේ. චන් ෂුවේයුවෑන් උතුමාණන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස එතුමා පත් කරනු ලැබ ඇත.

එතුමා 2020 නොවැම්බර් 19 වැනි දින පෙ.ව. 11.00 ට කොළඹ ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 නොවැම්බර් මස 19 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close