ලෙබනන් ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති ඛාලිඩ් සල්මාන් මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා ලෙබනන් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස රබී නාර්ෂ් මැතිතුමා පත් කරනු ලැබ ඇත. 2019 නොවැම්බර් 04 වැනි දින පෙ.ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී එතුමා විසින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනමන ලදී.
විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ 01
Please follow and like us: