ශ්‍රී ලංකාව සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිවරිය පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිවරිය පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, වියට්නාම්සමාජවාදී ජනරජයේ රජය විසින් ෆාම් ති බිච් න්ගොක් මැතිනියගේ අනුප්‍රාප්තිකයා ලෙස, හෝ ති තන්ටෘක් මැතිනිය ශ්‍රී ලංකාව සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ අති විශේෂ හා පූර්ණබලැති තානාපතිවරිය ලෙස පත් කරනු ලැබ ඇත. එතුමිය 2021 මාර්තු 30 වැනි දිනපෙ.ව. 11.00 ට කොළඹ 01 ජනාධිපතිමන්දිරයේ දී සිය අක්තපත්‍ර ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවෙත පිරිනැමුවාය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 30 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close