පාස්කු ඉරු දින ත්‍රස්ත   ප්‍රහාරයට පසු ආසියානු සහයෝගිතා සංවාදයේ අමාත්‍යවරු  ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙති

පාස්කු ඉරු දින ත්‍රස්ත   ප්‍රහාරයට පසු ආසියානු සහයෝගිතා සංවාදයේ අමාත්‍යවරු  ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙති

2. Heads of Delegation of the Ministerial Meeting

ආසියානු සහයෝගිතා සංවාදයේ (ACD) 16 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීම  2019 මැයි මස 01 වැනිදා දෝහා නුවරදී පැවැත්විණි. අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්ගේ රැස්වීම පැවැති අතර ආසියානු සහයෝගිතා සංවාදයේ ව්‍යාපාරික සංසදය  සැසිය අමාත්‍ය රැස්වීමට පසුව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය මඟින් නිරූපණය වූයේ  ත්‍රස්තවාදය යනු සියලු රාජ්‍යයන්හි ඒකාබද්ධ උත්සාහයෙන් කටයුතු කළ යුතු ගෝලීය තර්ජනයක් බව ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කළේ ය. ත්‍රස්තවාදයට සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධවලව එරෙහිව සටන් කිරීම සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදයෙහි නැඟී සිටීම සමඟ කටයුතු කිරීම රජයන්හි අවධානයට ලක්ව ඇති ගෝලීය ගැටලුවක් බව ඒ මහතා තවදුරටත් පැවසීය. මානව අයිතිවාසිකම්වලට, සහ ජීවත් වීමට පුද්ගලයන්ට ඇති අයිතිය හා නිදහස කෙරෙහි ත්‍රස්තවාදයෙන් සෘජු බලපෑමක් ඇති වන බව අමාත්‍ය මාරපන මහතා තවදුරටත් සඳහන් කළේය. ඊට අමතරව ත්‍රස්තවාදයට රජයන් අස්ථාවර කිරීමට, සාමය හා ආරක්ෂාව අනතුරෙහි  හෙළීමට සහ සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසා අහිතකර බලපෑමක් ඇති කිරීමට හැකි අතරමානව අයිතිවාසිකම් භුක්තිවිඳීම කෙරෙහිද විශාල බලපෑමක් ඇති කිරීමට හැකිය.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් දක්වනු ලැබූ හදිසි ප්‍රතිචාර හේතුවෙන් සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවටගැනීමටත්, තත්ත්වය මැඩ පවත්වාගැනීමටත්  හැකි වූ බවඅමාත්‍ය මාරපන මහතා අවධාරණය කළේය.

ආසියානු සහයෝගිතා සංවාදයේ සියලු අමාත්‍යවරු ඔවුන් නියෝජනය කරන රටවල් වෙනුවෙන් සිය සංවේගය ප්‍රකාශ කළ අතර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ශ්‍රි ලංකාව සමඟ අත්වැල් බැඳගන්නා බවට ප්‍රතිඥා දුන් හ.

අදාළ ව්‍යාපාරික ප්‍රජාවන්වලටඵලදායි සහ ශක්තිමත් අන්‍යොන්‍ය සබඳතා ගොඩනඟාගැනීම උදෙසා ආසියානු සහයෝගිතා සංවාදයේ ව්‍යාපාරික සංසදය ස්ථාපිත කිරීම පිණිස කටාර් රාජ්‍යය විසින් කරනු ලැබූමුලපිරීම ශ්‍රී ලංකාවේපැසසුමට ලක් විය. 2019 මැයි මස 2 වැනි දින පැවැති ආසියානු සහයෝගිතා සංවාදයේ ව්‍යාපාරික සංසදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහභාගි විය.

අමාත්‍ය මාරපන මහතා කටාර්, ඉරානය සහ තුර්කිය යන රටවල විදේශ අමාත්‍යවරුන් හමුවී දෙපාර්ශ්වයටම වැදගත් කරුණු සාකච්ඡා කළේ ය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන මහත්මිය ශ්‍රී ලංකාව ජාතික අපනයන උපායමාර්ගය මඟින්  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් ලෙස කරුණු දැක්වූ අතර තුර්කිය, කටාර්, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල පෞද්ගලික අංශ නියෝජිතයන් සමඟ  සාකච්ඡා පැවැත්වීය.

අමාත්‍ය මාරපන මහතා කටාර්හි වෙසෙන 130000ක් වූ ශ්‍රී ලාංකික ප්‍රජාවෙහි නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ මතය, කටාර්හි වෙසෙන ප්‍රජාව මුහුණ දෙන ගැටලු , පුහුණු සහ වෘත්තීය කුසලතා පූර්ණ ශ්‍රමිකයන්ගේ ප්‍රවේශය  දියුණු කිරීම උදෙසා ගත හැකි ක්‍රියා මාර්ග ආදිය පිළිබඳව සාකච්ඡා කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථීක කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අතරතුරතානාපති රත්නසිංගම් කෝහුලරන්ගන් මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතවරුද මෙම රැස්වීමට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 06 වැනි දා

1. Bilateral Meeting with H.E. Sheikh Mohammed bin Abdulrahman bin Jassim Al Thani the Deputy Prime Minister and Minister of Foreign Affairs

3. DG-EDB addressing the Business forum

Print Friendly, PDF & Email
Please follow and like us:

Close