විදේශ පොලිස් නිෂ්කාශන සහතික

විදේශ රටවලින් පොලිස් නිශ්කාෂණ සහතිකය ලබාගැනීම සඳහා සහාය වීම

සුදුසුකම් විදේශ රටවල වාසය කර ඇති ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම

අදාළ නිසි බලධාරීන්ගේ අවශ්‍යතා මත විශේෂයෙන් සවුදි අරාබිය, කුවේට්, ලෙබනනය, ජොර්දානය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය (අබුඩාබි) බහරේනය, ඕමානය, තායිලන්තය, මාලදිවයින සහ වෙනත් රටවලින් පොලිස් නිශ්කාෂණ සහතික ලබාගැනීම සඳහා පහසුකම් සලසා දී ඇත.

අබුඩාබි

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම් පත්‍රයක් ( සපයනු ලබයි )
  3. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව
  4. වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ( පිටු අංක 2,3,4 සහ 5 එකම පිටුවක අන්තර්ගත විය යුතුය ) වීසා පිටුද ඇතුළත්ව
  5. තමා සතු නම්, පෙර පැවති විදේශ ගමන් බලපත්‍ර පිටපත් – වීසා පිටුද ඇතුළත්ව
  6. එමීර්වරයෙකුගේ හැඳුනුම්පතෙහි පිටපතක්
  7. ඡායාරූප දෙකක් ( ප්‍රමාණය 6 x 4 සෙන්ටිමීටර )
  8. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකළ එක්සත් අරාබි එමීර් ඩිරාම් 220 ක ගෙවීම සඳහන් මුදල් කුවිතාන්සියේ පිටපතක්

බහරේන්

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම් පත්‍රයක් ( සපයනු ලබයි ) මුල් ඇඟිලි සලකුණ ද සහිතව
  3. නිල් පැහැති පසුබිමක ගන්නා ලද පාස්පොර්ට් ප්‍රමාණයේ ඡායාරූපයක්
  4. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකළ  ඩිනාර් එකක හෝ බහරේන් ඩිනාරයට සමාන ඇමරිකානු ඩොලර් 3 ක ගෙවීම සඳහන් මුදල් කුවිතාන්සියේ පිටපතක්
  5. වර්තමාන විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සහ පෙර පැවති විදේශ ගමන් බලපත්‍රයන්හි පිටපත්
  6. පෙර පදිංචි බලපත්‍රයේ සහ නැවත ඇතුළත්වීමේ වීසා පත්‍රයේ පිටපතක්
  7. බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බලය පැවරීමේ ලිපිය

ජොර්දානය

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව
  3. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද වර්තමාන විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  4. පෙර විදේශ ගමන් බලපත්‍රය පවතී නම් එහි වීසා පිටුද සමඟ පිටපතක්
  5. සුදු පැහැති පසුබිමක ගන්නා ලද පාස්පොර්ට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක්
  6. ජොර්දානයේ සිටි බවට සාක්ෂි සපයන වෙනත් ලියකියවිල්ලක්
  7. නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම් පත්‍රයක් ( සපයනු ලබයි )

කුවේට්

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව
  3. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද වර්තමාන විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  4. පෙර විදේශ ගමන් බලපත්‍රය පවතී නම් එහි වීසා පිටුද සමඟ පිටපතක්
  5. නිල් පැහැති පසුබිමක ගන්නා ලද පාස්පොර්ට් ප්‍රමාණයේ ඡායාරූප හතරක්
  6. කුවේට් හි සිටි බවට සාක්ෂි සපයන වෙනත් ලියකියවිල්ලක්

ලෙබනනය

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම් පත්‍රයක් ( සපයනු ලබයි )
  3. නව විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  4. පෙර විදේශ ගමන් බලපත්‍රය පවතී නම් එහි වීසා පිටුද සමඟ පිටපතක්
  5. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව

ඕමානය

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම් පත්‍රයක් ( සපයනු ලබයි )
  3. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව
  4. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද වත්මන් විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  5. පෙර විදේශ ගමන් බලපත්‍රය පවතී නම් එහි වීසා පිටුද සමඟ පිටපතක්
  6. පාස්පොර්ට් ප්‍රමාණයේ ඡායාරූප හතරක්
  7. ඕමානයේ සිටි බවට සාක්ෂි සපයන වෙනත් ඕනෑම ලියකියවිල්ලක්
  8. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකළ ඕමානි රියාල් 39.400 ක ගෙවීම සඳහන් මුදල් කුවිතාන්සියේ පිටපතක්

සෞදි අරාබිය

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක් (ඉංග්‍රීසි භාෂාවෙන්)
  2. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව
  3. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය විසින් සත්‍යාපනය කරන ලද වත්මන් විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  4. පෙර විදේශ ගමන් බලපත්‍රය පවතී නම් එහි වීසා පිටුද සමඟ පිටපතක්
  5. පාස්පොර්ට් ප්‍රමාණයේ ඡායාරූප හතරක්
  6. සෞදි අරාබියේ සිටි බවට සාක්ෂි සපයන වෙනත් ඕනෑම ලියකියවිල්ලක්

මාලදිවයින

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම් පත්‍රයක් ( සපයනු ලබයි )
  3. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව
  4. සහතික කරන ලද වත්මන් විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  5. පෙර විදේශ ගමන් බලපත්‍රය පවතී නම් එහි වීසා පිටුද සමඟ පිටපතක්
  6. සුදු පැහැති පසුබිමක ගන්නා ලද පාස්පොර්ට් ප්‍රමාණයේ එක් ඡායාරූපයක්
  7. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකරන ලද රුපියා 50 ක ගෙවීම සඳහන් මුදල් කුවිතාන්සියේ පිටපතක්

 

ඇෆ්ගනිස්ථානය

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම් පත්‍රයක් ( සපයනු ලබයි )
  3. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව
  4. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද වත්මන් විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  5. පෙර විදේශ ගමන් බලපත්‍රය පවතී නම් එහි වීසා පිටුද සමඟ පිටපතක්
  6. ඇෆ්ගනිස්ථානයේ සිටි බවට සාක්ෂි සපයන වෙනත් ඕනෑම ලියකියවිල්ලක්

තායිලන්තය

  1. අයැදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
  2. නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම් පත්‍රයක් ( සපයනු ලබයි )
  3. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි රාජකීය තායි තානාපති කාර්යාලය විසින් සත්‍යාපනය කරන ලද ඇඟිලි සලකුණු මුද්‍රාංකණ වාර්තාව
  4. සහතික කරන ලද වත්මන් විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  5. පෙර විදේශ ගමන් බලපත්‍රය පවතී නම් එහි වීසා පිටුද සමඟ පිටපතක්
  6. පාස්පොර්ට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් ( අඟල් දෙක )
  7. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකරන ලද බාහ්ට් 100 ක ගෙවීම සඳහන් මුදල් කුවිතාන්සිය
  8. රැකියා බලපත්‍රයේ සහතික කරන ලද පිටපතක්

ඉල්ලීම් පරිදි හොංකොං, සිංගප්පූරුව, ඩුබායි, කටාර්, ජපානය, සහ අනෙක් රටවලින් පොලිස් නිශ්කාෂණ සහතික ලබාගැනීම සඳහා සහාය ලබා ගත හැකිය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව
දුරකතන :
+94 112 338 812 / +94 112 446 302
ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

Close