වීසා පහසුකම්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න


Website : https://www.srilanka.travel

Contact:

ABOUT SRI LANKA

Located in the Indian Ocean in South Asia, the tropical island nation of Sri Lanka has a  recorded history of over two millennia. A multi-ethnic, multi-religious country with a rich cultural heritage influenced by Buddhism, Sri Lanka is a place where nature’s beauty remains abundant and unspoiled.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න


සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තීරණාත්මක අංගයක් ලෙස පවතී. සෘජු විදේශ ආයෝජන සඳහා ආකර්ශනීය ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ දී විදේශ සබඳතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තීරණාත්මක කාර්යභාරය හඳුනා ගනිමින්, ආර්ථික කටයුතු අංශය 2018 වසරේ සිට ආයෝජන මණ්ඩල සමඟ සාකච්ඡා කොට විදේශවල පිහිටි අදාළ දූත මණ්ඩල සඳහා ආයෝජන ඉලක්ක ලබා දී ඇත. ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ දූත මණ්ඩල කිහිපයකින් ලැබුණු යෝජනා මත පදනම්ව උත්සව අංග සංවිධානය කරන ලද අතර, ඒවා සාර්ථක විය.

සංවර්ධන හවුල්කරුවන් ලෙස විදේශීය ශ්‍රී ලාංකිකයන්

ආර්ථික කටයුතු අංශයේ විදේශීය ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කර ගැනීම පිළිබඳ සංකල්ප පත්‍රිකාවේ, සංවර්ධන හවුල්කරුවන් ලෙස විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ කාර්යභාරය හඳුනාගෙන ඇත. ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහනේ ආවරණය යටතේ, මෙම වැඩසටහන මඟින් පහත සඳහන් ප්‍රවර්ධන වැඩසටහන් පවත්වන ලදී:

බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සඳහා ආයෝජන හා වෙළඳ වට මේස රැස්වීම, 2019 සැප්තැම්බර් 2, ලන්ඩන්, එක්සත් රාජධානිය.

ආයෝජන සඳහා උනන්දුවක් ඇතිකරවීමේ සහ ආයෝජකයින් හඳුනා ගැනීමේ අරමුණින් යුතුව, මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සාල් ජනරාල් කාර්යාලය හරහා අපනයන සංවර්ධන මණ්ඩලයේ 'එක් ගම්මානයක් - එක් නිෂ්පාදනයක්' වැඩසටහන සහ අපනයනකරුවන් 2,000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත හඳුන්වාදීම - 2019 ඔක්තෝබර් 13

තෝරාගත් වෙළඳපොළවල ප්‍රවර්ධන ක්‍රියාකාරකම්

පහත සඳහන් අංග පවත්වන ලදී:

“ශ්‍රී ලංකාවේ ආයෝජන දේශගුණය සහ ව්‍යාපාරික අවස්ථා” ආයෝජන ප්‍රවර්ධන සංසදය - 2019 පෙබරවාරි 19 සිට 22 දක්වා කොරියාවේ සෝල් නුවර දී

එක්සත් රාජධානියේ සිටින බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සඳහා ආයෝජන සහ වෙළඳ ප්‍රවර්ධන වට මේස සාකච්ඡාව - 2019 සැප්තැම්බර් 02.

විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ ශ්‍රී ලංකාවේ අදාළ රේඛීය නියෝජිත ආයතන සමඟ සාකච්ඡා කොට, මෙහි පැමිණෙන හා පිටතට යන ආයෝජන යෝජනා සඳහා පහසුකම් සැලසීමට ආර්ථික කටයුතු අංශය සූදානම්ව සිටී.

ශ්‍රී ලංකාව සමඟ වෙළදාම් කරන්න


ආර්ථික කටයුතු අංශය, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සහ රජයේ ආර්ථික නියෝජිත ආයතනවල ක්‍රියාකාරී සහභාගිත්වයෙන් යුතුව ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන් යටතේ තෝරාගත් වෙළඳපොළවලදී ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම සඳහා පහසුකම් සලසමින් සිටී. එක් එක් වෙළඳපොළවලට විවිධාකාරයේ ශක්තීන් පවතින හෙයින්, ප්‍රධාන වෙළඳපොලවල් හඳුනාගැනීමට සහ මෙම ශක්තීන් සපුරාලන සුදුසු ප්‍රවර්ධන උපායමාර්ග යෝජනා කිරීමට මෙම උප වැඩසටහන සැළසුම්කර තිබේ. ආර්ථික කටයුතු අංශය, මෙම වැඩසටහන තුළින්, 2018 හා 2019 වසරවල දී ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන්වලට අරමුදල් සපයමින් ඒවා සංවිධානය කිරීමට සෘජුවම සම්බන්ධවීමට පියවර ගෙන තිබෙන අතර 2020 වසරේ දී රේඛීය නියෝජිතායතන හා පෞද්ගලික අංශයේ ඉලක්ක හා අරමුණුවලට අනුව ක්‍රියාකාරකම් සංවිධානය කරනු ලැබේ.

2018 හා 2019 වසරවලදී, නැග එන වෙළඳපොළවල් ඇති රටවල පිහිටි ශ්‍රී ලංකා දූතමණ්ඩල 26කට ශ්‍රී ලංකාවේ ගෝලීය පියසටහන් වැඩිදියුණු කිරීම සඳහා සහ රටට ස්පෘශ්‍ය ආර්ථික ප්‍රතිලාභ අත්කරදීම සඳහා වැඩසටහන් 39ක් පැවැත්වීමට අවශ්‍ය සහය ලබාදෙන ලදී. මෙම ප්‍රවර්ධන අංග ද අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දියත් කරන ලද ජාතික අපනයන උපායමාර්ගයේ (NES) ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇති ක්ෂේත්‍රවලට අනුව සකසා තිබේ. මෙම ප්‍රවර්ධන අංග පවත්වා අවසානකිරීමෙන් පසුව එක් එක් දූත මණ්ඩලයෙන් කාර්ය සාධන වාර්තා ඉල්ලා තිබේ. අපේක්ෂා කරන ලද රටවල ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා ආනයනකරුවන් අතර සෘජු සබඳතා තහවුරු කරමින් සහ වැඩිදියුණු කරමින් සැලකිය යුතු මට්ටමක දිරිගැන්වීමේ ප්‍රතිඵල මෙම ඉලක්කගත ප්‍රවර්ධන අංග මගින් ලැබී ඇතිබව මෙම ලැබුණු වාර්තාවල දක්වා තිබේ. මෙම විශේෂිත අංග මගින් සෘජු අපනයන ඇණවුම් කිහිපයක් ක්‍රියාත්මක විය.

2018 /2019 වසරවල දී සිදුකරන ලද වෙළඳ ක්‍රියාකාරකම්:

රට/දූතමණ්ඩලය

වසරව්‍යාපෘතියේ/ක්‍රියාකාරකමේ නම
ඕස්ට්‍රේලියාව/සිඩ්නි2018/2019

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) යටතේ වු  IT-BPM සමාගම්, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා සහ සහය දැක්වීම සඳහා වේගවත් වෙළඳපොළ ප්‍රවේශ වැඩසටහනක් සම්බන්ධයෙන් 2018 නොවැම්බර් 28 -30 දිනවල දී සිඩ්නි නුවරට ගියේය.

ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී 2019 ඔක්තොම්බර් 29 -31 දිනවල දී පැවතිCeBit Australiaහි ශ්‍රී ලංකා ප්‍රදර්ශන කූඩාරම.

විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල නිරත කරවමින් 2020 දෙසැම්බර් 19 වන දින  ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය සහ ව්‍යාපාරික ප්‍රජාව සමග ජාලකරණ රැස්වීම.

ඕස්ට්‍රේලියාව/මෙල්බර්න්2019එක ගමක් එක නිපැයුමක් හා නව අපනයනකරුවන් 2000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන හඳුන්වාදීම.
බහරේන්2018ශ්‍රී ලාංකික නිෂ්පාදනය හා ආහාර නිෂ්පාදනය, 2018 නොවැම්බර් 28 - දෙසැම්බර් 01
බෙල්ජියම/බ්‍රසල්ස්2019

බෙල්ජියමේ බ්‍රසල්ස්වල පැවති “Seafood Expo Global”

සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය, 2019 මැයි 7 - 9.

වෙළඳ හා කාබනික නිෂ්පාදන ප්‍රවර්ධනය, බෙල්ජියම, 2019 ඔක්තොම්බර් 10-11

කියුබාව/හවානා2019ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් හා ආනයන නියෝජිතායතන සමඟ වටමේස සාකච්ඡාව සහ ව්‍යාපාර රැස්වීම, කියුබාව, 2019 ජුනි 25 - 29.
චීනය/බීජිං20192019 වසර සඳහා තේමාගත රටවන ශ්‍රී ලංකාව ජූනි 12 - 18 දිනවලදී කුන්මිං හිදී පැවති 06 වැනි දකුණු ආසියා එක්ස්පෝ සඳහා සහභාගී විය. ශ්‍රී ලාංකික ප්‍රර්ශනකරුවන් 104 දෙනෙකු වර්ග මීටර 600ක ප්‍රදේශයක වූ වේදිකාවක, තේ, මැණික් හා ස්වර්ණාභරණ, අත්කම්, කුළුබඩු, ආයුරුවේද නිෂ්පාදන සහ කෘෂිකර්ම නිෂ්පාදන වැනි අපගේ ප්‍රධාන අපනයන නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ලදී. එමෙන්ම කොළඹ වරාය නගරය, දකුණු ආසියාවේ කේන්ද්‍රස්තානය හා සංචාරකයින් වැඩි ප්‍රමාණයක් වඩ වඩාත් ආකර්ෂණය කරගැනීම හුවා දක්වමින් ආයෝජන හා සංචාරක කටයුතු සඳහා සුදුසු ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කිරීම මෙහි දී සිදු කෙරිණි.
ප්‍රංශය/පැරිස්20192019 දෙසැම්බර් 03 - 05 දිනවල දී ප්‍රංශයේ පැරිස් නුවර පැවති “Food Ingredient Europe - 2019”සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය.
ඉන්දියාව/නවදිල්ලිය2019

2019 සැප්තැම්බර් 19 -21 දිනවල දී නවදිල්ලි නුවර පැවති ආහාර සහ ආහාර සැකසීමේ ජාත්‍යන්තර ප්‍රදර්ශනය:“SIALIndia 2019”සඳහා සහභාගිත්වය.

2019 දෙසැම්බර් 13-25 දිනවල දී පැවති “India International Mega Trade Fair”සඳහා සහ 2019 දෙසැම්බර් 12 වන දින සහ 2019දෙසැම්බර් 16 වැනි දින පැවති B2Bරැස්වීම් වලින් අනතුරුව “ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික කටයුතුවල නියැලීම” පිළිබඳ ව්‍යාපාරික අන්තර්ක්‍රියා සැසිවාරය සඳහා සහභාගිත්වය.

කොරියාව/සෝල්20192019 පෙබරවාරි 19-22 දිනවල දී පැවැති “ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම සහ ව්‍යාපාරික ඉඩප්‍රස්ථා” මැයෙන් පැවති ආයෝජන ප්‍රවර්ධන සංසදය.
ජපානය/ටෝකියෝ20182018 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 01 දක්වා පැවති ශ්‍රී ලාංකික නිෂ්පාදන හා ආහාර ප්‍රදර්ශනය.
ඕමානය/මස්කට්20192019 ඔක්තොම්බර් 01 මස්කට්හි අල්-ලාජ් හෝටලෙයේ දී පැවති ශ්‍රී ලාංකික ආහාර ක්ෂේත්‍රයේ සමාගම් සහ ඕමාන් ව්‍යාපාරික ප්‍රජාවේ ආහාර ක්ෂේත්‍රයේ සමාගම් අතර B2Bරැස්වීම.
රුසියාව/මොස්කව්2019Webinar සැසිවාරය,2019 දෙසැම්බර් 10
සිංගප්පූරුව20192019 නෙවැම්බර් 11-15 සිංගප්පූරු ෆින්ටෙක් උළෙල 2019 සඳහා ශ්‍රී ලාංකිකෆින්ටෙක්සමාගම් සහභාගී වේ.
ස්වීඩනය/ස්ටොක්හොම්2018/2019

ස්කැන්ඩිනේවියානු කාබනික ආහාර ප්‍රදර්ශනය 2018, තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා ව්‍යාපාරික සමුළුව, 2018 සහ 2019 සඳහා සහභාගිත්වය.

ලංකා කුරුඳු ප්‍රවර්ධන වැඩසටහන, 2019

දකුණු අප්‍රිකාව/ප්‍රිටෝරියා20182018 නොවැම්බර් 20-22 දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ කේන්ද්‍රස්තානයේ පැවති ජාත්‍යන්තර ඇගලුම්, රෙදිපිළි හා පාවහන් වෙළඳ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාව විසින් ප්‍රථම වතාවට ඇගලුම් නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ලදී.
එක්සත් රාජධානිය2019

2019 සැප්තැම්බර් 02 වන දින එක්සත් රාජධානියේ දී  බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සඳහා ආයෝජන හා වෙළඳ ප්‍රවර්ධන වටමේසය.

2019 ඔක්තොම්බර් 10 වන දින මැන්චෙස්ටර් හිදී පැවති ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රවර්ධන වටමේසය.

මෙම දූත මණ්ඩලයේ වාණිජමය අංශය සඳහා වෙළඳ සබඳතා ඇතුළත් දත්ත පාදකයක් මිල දී ගැනීම.

2019 නොවැම්බර් 04-06 දිනවල දී ලෝක සංචාරක වෙළඳපොලේ දී ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම.

Republic of Korea

Chargé d’ Affaires of the Embassy of Sri Lanka in the Republic of Korea Jagath Abeywarna giving the welcome speech before starting the Investment Promotion Seminar at the Korea Chamber of Commerce and Industry (KCCI) on 19 February.

Q & A Session

Delegation from the Board of Investment (BOI) of Sri Lanka at a business meeting witChairman of Korea Agricultural Machinery Industry Cooperative (KAMICO) / Honorary Consul of Sri Lanka in Daegu and its member companies.

B2B session

Chargé d’ Affaires of the Embassy of Sri Lanka in the Republic of Korea Jagath Abeywarna and delegation from Sri Lanka in a meeting with Vice Chairman of the International Contractors Association of Korea (ICAK) Song Youngcheol in Seoul on 20 February.

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close