පෙරළා සියරට පැමිණවීම්

විදේශයන්හිදී අතරමංවූ ශ්‍රී ලාංකිකයින් පෙරළා සියරට පැමිණවීමට අදාළව කන්සියුලර් කටයුතු අංශය කටයුතු කරයි.

යෝග්‍යතාව : විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්

අයදුම්පත ඉදිරිපත් කළයුතු ආකාරය

  • අයදුම්පත් කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත සෘජුව භාරදීම.
  • අවශ්‍ය තොරතුරු සමඟ අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් එවීම.

අයදුම්පත ලබාගත හැකි ස්ථාන

1.කන්සියුලර් කටයුතු අංශය
  දෙවැනි මහල, සෙලින්කෝ ගොඩනැගිල්ල
   කොළඹ 01
2. යාපනයේ ප්‍රාදේශීය කන්සියුලර් කාර්යාලය
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
    නුවර පාර,යාපනය

 

අයදුම්පත සඳහා ගාස්තු : ගාස්තු අය නොකෙරේ.

අයදුම්පත භාරදිය යුතු වේලාවන් : කාර්යාල දිනයන්හි පෙ.ව. 08.30 සිට ප.ව. 03.00 දක්වා

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු : ගාස්තු අය නොකෙරේ.

සේවාව ලබාදීම සඳහා වැයවන කාලය

  • වාර්තා වී ඇති කරුණුවල වැදගත්කම මත තීරණය වේ.
  • අදාළ රටවල විමර්ශන/ නෛතික කටයුතු අවසන් වූ වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරනු ඇත.

අවශ්‍ය ලේඛන

  • විදේශ ගමන් බලපත්‍රෙය් විස්තර ඇතුලත් පිටුවේ පිටපතක්
  • ජාතික හැඳුන්ම්පත පිළිබඳ සාක්ෂියක් හා පැමිණිලිකරු සම්බන්ධ කරගත හැකි විස්තර
  • ළඟම ඥාතිවරයාගේ විස්තර
  • විදේශයෙහි වෙසෙන පුද්ගලයා සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය විස්තර

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

Close